Sunday, February 28, 2010

ප‍්‍රගීත්

ප‍්‍රගීත්

සුනන්ද දේශප‍්‍රිය

ප‍්‍රගීත් අතුරුදහන් වී මාසයක් පිරුණි. පසුගිය මාසය පුරාම ප‍්‍රගීත් ගේ බිරිඳ ඔව්නගේ එකම පුත‍්‍රයා ද කැටුව පොලීසි ගණනනේ ද පුවත්පත් කාර්‍යාලයන්හි ද උද්ඝෝෂන ව්‍යාපාරයන් හි ද දේශපාලනඥයින් හමුවෙමින්ද සිය සැමියා සොයා ගැනීමට දරන ලද අනේක උත්සාහයන් තවම පල දරා නැත. දේස් විදෙස් ජනමාධ්‍ය සහ මානව හිමිකම් සංවිධාන විසින් කරන ලද ඉල්ලීම්වලට ආණ්ඩුව නෑසූ කන්ව සිටිති. ආණ්ඩුවේ දේශපාලඥයෝ ද ජනමාධ්‍යකරුවෝ ද පොලිස් නිලධාරීහු ද නොමඟ යැවෙන කතාන්තර මගින් වක‍්‍ර ලෙස ඔහු සොයා ගැනීමට දැරෙන තැතක් ඇතොත් එය වළක්වති.

හෝමාගම පොලීසිය ප‍්‍රගීත් අතුරුදහන් වූ දාට පසුදා එනම් ජනවාරි 25දා කියා සිටියේ ප‍්‍රසිද්ධ වීම පිණිස අතුරුදහන්වන පුද්ගලයින් සිටින බැවින් මෙය ද එවැනි අතුරුදහන්වීමක් විය හැකි බව යි. අනතුරුව ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද එවැනිම කතාවක් වහෙන් ඔරෝ භාෂාවෙන් පුවත්පත් සාකච්ජාවක දී කිවේ ය. ප‍්‍රගීත්ගේ අතුරුදහන් වීම ළගදීම හෙළිදරව්වනු ඇතැයි ඉන් පසු කියා සිටියේ තවත් ඇමැතිවරයකු වන කෙහෙළිය රඹුක්වැල්ල ය. වාසුදේව නානායක්කාර මහතා ද ප‍්‍රගීත් ළගදීම ආපසු එනු ඇතැයි කී බවට ආරංචි පැතිර ගියේ ය. ඔහු අතුරුදහන් වූ අලූත පොලීසිය කීවේ ජනාධිපතිවරණ රාජකාරි නිසා ඔහු සෙවීම කල් තැබීමට සිදුවනු ඇතැයි කියා ය. පසුගිය 13වනදා ආණ්ඩුවේ හොරනෑවක් වන දිනමිණ පුවත්පත කියා සිටියේ ප‍්‍රගීත් දඹුල්ල ප‍්‍රදේශයේ සිටින බවට ඇසින් දුටු සාක්ෂි තිබෙන බව ය. එම පුවත පිළිබඳ පොලීසිය පරීක්ෂණයක් කළේ නැති බව රාවය වාර්තා කළේ ය. මේ කතාන්තර එකට තබා බැලූ විට පෙනෙන්නේ එක්කෝ ප‍්‍රගීත් රඳවාගෙන සිටින බව ආණ්ඩුව දන්නා බව ය. නැත්නම් ඔහු සෙවීමට දැරෙන ප‍්‍රයත්න අඩපණ කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව ය. මේ සියළු අනාවැකි තිබියදීත් ප‍්‍රගීත් ගැන කිසිම හෝඩුවාවක් තවම කිසිවකුටවත් ලැබී නැත. ඔහු ඉන්නවාද නැද්ද කියාවත් දැන ගන්නට නැත.

සිය ආදරවන්ත සැමියා වූ ප‍්‍රගීත් රංජන් බණ්ඩාර එක්නැලිගොඩ ගැන තොරතුරක් සොයමින් පුරා මසක් පුරා කමල්ගොඩ මුදියන්සේලාගේ සන්ධ්‍යා ප‍්‍රියංගනී එක්නැලිගොඩ දරනු ලබන මේ අනවරත ප‍්‍රයත්නය අතුරුදහන් කරන ලද ස්වකීය ආදරවන්තයින් සොයා ලොව පුරා ස්ත‍්‍රීන් පෙන්වනු ලබන අපරිමිත දයාව සහ ධෛර්්‍ය සිහිගන්වයි. ලොව කොතැනක වුවත් ස්තී‍්‍රන් විසින් පෙන්වා ඇති මේ ධෛර්්‍ය සම්පන්න ව්‍යායාමය ලොව මානව හිමිකම් ව්‍යාපාරයේ රනින් ලියැවෙන පරිච්ජේදයකි. අතුරුදහන් කළ සිය ආදරවන්ත දරු දැරියන්ගේ පිළිබද මතකය අමතක නොවනු පිණිස ආජන්ටීනාවේ මිනීමරු පාලනය බිඳ වැටෙන තුරු වසර ගණනාවක් පුරා සෑම බ‍්‍රහස්පතින්දාවකම ප්ලාසා ඩි මායෝ හි රුස්වූ මව්වරු ඒ පරිච්ජේදයේ ආරම්භක සහ දිදුළන පිටුවකි. 1977 අපේ‍්‍රල් මාසයේ 30 දා මුල්වරට බුවනොස් අයර්ස් අගනුවර මායෝ පිටියට රුස් වූ ඒ මව්වරු වසර ගණනාවක් පුරා සෑම බ‍්‍රහස්පතින්දාවකම පැය බාගයක් මායෝ පිටියේ රවුමට ඇවිද ගියේ අතුරුදහන් කළ 30, 000ක් තරම් වූ සිය දරුවන්ගේ නම් කැටයම් කළ සුදු පැහැති හිස් ආවරණ පැළඳ ගෙන ය. මායෝ පිටියේ මව්වරු යන අරුත දෙන මදර්ස් ඔප් ප්ලාසා ඩි මායෝ යනුවෙන් මේ සද් ව්‍යායාමය ලොව පරසිඳු විය. සිය පුත‍්‍රයා සහ ලේලිය සොයමින් එම එකතුව ගොඩ නැගීමට දායක වූ විලපොර් වින්සෙන්ටි නම් මව ද එම මිනීමරුවන් විසින් ම පැහැරගෙන ගොස් මරා දමන ලදී.

එනමුත් ඉතිහාසය ගත්තේ ආජන්ටීනාවෙහි අඥාදායක මිනීමරු මිලිටරි පාලනයේ පාර්ශවය නොවේ. මායෝ පිටියේ මව්වරුන්ගේ පාර්ශවය යි. 2006 ජනවාරි 26 වන බ‍්‍රහස්පතින්දා සිය අවසාන නිහඩ විරෝධය පළ කිරීමට ප්ලාසා ඩි මායෝ මව්වරු එක් වූයේ ආජින්ටිනාවෙහි තව දුරටත් එවැනි අතුරුදහන්වීම් සිදු නොවිය යුතු බවට ශපථ කරමිනි. ඒ වන විට මිලටරි පාලකයින් ද එකී මිනීමරු සම්ප‍්‍රදායන්ද ඉතිහාසය විසින් අතුගා කුණු කූඩයට දමා තිබුණි. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ද ඉතිහාසය විසින් ලියනු ඇත්තේ ඊට වඩා වෙනස් කතාවක් නොවේ.

ප‍්‍රගීත් මරණ ලැයිස්තුවක සිටින බවට කුරුනෑගල දිසාවේ ඇමැතිවරයකුගේ ලේකම්වරයකු ප‍්‍රගීත්ට කියා තිබුනේ ඔහුගේ අතුරුදහන්වීමට දවස් පහකට පෙර ය. මෙම ලේකම්වරයා කළක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සිවිල් ව්‍යාපාරයේ කටයතු කළ අයෙකි. ප‍්‍රගීත්ට අවසානවරට දුරකථන ඇමැතුම දී ඇත්තේ මඩකළපුවට අලෙවි කරන ලද ඩයලොග් ජංගම දුරකථනයකින් බව ද කියනු ලැබේ. ඔහු විසින් ලියන ලද දැන් පනමාධ්‍යයෙහි ප‍්‍රසිද්ධ කර ඇති විද්්‍යුත් තැපැල් ලිපියකින් පෙනී යන්නේ අගෝස්තු මාසයේ දී තමා පැහැරගෙන ගියේ යුදහමුදා පිරිසක් බව ප‍්‍රගීත් දැනගෙන සිටි බව යි. එම පිරිස තමාට පහත් ලෙස සැළකූ බවත් බිය ගැන්වූ බවත් ප‍්‍රගීත් එම ලිපියෙන් පැහැදිලිව කියා තිබේ. පැහැර ගැනීමට ලක්වූ දිනට පෙර දින ගණනාවක්ම තමා පසු පසු කව්රුන් හෝ සැරි සරන බව ප‍්‍රගීත් සන්ධ්‍යාට පැවසා තිබූ බව ද දැන් ප‍්‍රසිද්ධ කරුණකි. එමෙන්ම ඔව්න්ගේ නිවෙස ඉදිරිපිට සුදු වෑන් රථයක් නතරකොට තිබූ බව ද පසුව හෙළි දරව් කරන ලදී. මේ සියළු කරුණු එක් කොට බලන විට ප‍්‍රගීත් බිය වැද්දවීමට හෝ පැහැරගෙන යාමට හෝ සැළැස්මක් තිබී ඇති බවට සාධාරණ සැකයක් ඇති කර ගත හැකි ය. ආණ්ඩුව හෝ ආණ්ඩුවේ පාර්ශවයක් වසං කරන්නේ මෙම සැළැස්මයි.

ප‍්‍රගීත් එක්නැලිගොඩ වනාහී සමාජයක කලාතුරකින් දැකිය හැකි බහුවිධ නිපුණතාවයන්ගෙන් පිරි මිනිසෙකි. මා ප‍්‍රගීත් හරියට දැන හදුණා ගත්තේ අප බොහෝ දෙනෙකු භිෂන දෙකකට මැදිව දිවි ගෙවූ 1980 ගණන් අවසානයේ දී ය. එකළ විජය කුමාරතංග ඝාතනයෙන් පසු විජය කුමාරතුංග පිළිබඳව සිත්කාවදින විශ්ලේෂන දෙකක් මම කියැවීමි. එකක් ලියූයේ ජයදේව උයන්ගොඩය. අනෙක ප‍්‍රගීත් එක්නැලිගොඩ ය. විජය ගායක ජොතිපාලගේ අනුගාමික රසිකයින් ජනවාර්ගික ප‍්‍රශ්ණයට දේශපාලන විසඳුමක් දීම කරා කැදවාගෙන ගිය අන්දම ප‍්‍රගීත් තර්කාණුකූලව එහි සාකච්ජා කළේ ය. ඔහුගේ ලිවිමේ ශෛලිය තුළ අපෝහක තර්ක ක‍්‍රමය හුයක් සේ දැක්ක හැකි විය. ඔහු විසින් ලියන ලද දේශපාලන විචාරයන් විශ්ලේෂණය අතින් ද ශෛලිය අතින් ද හැදෑරීම පිණිස පොත්ගුල් ගත කිරීම මහඟු කාරියක් වනු නොඅනුමානය.

මරණයේ දේශපාලනය සෑම අතකම ජයගෙන තිබූ 1980 ගණන් අවසානයේ එකී මරණයේ දේශපාලනය පිටු දකිනු වස් ජායාරූප ප‍්‍රදර්ශනයක් කරනු පිණිස අපි පිරිසක් කටයුතු කළෙමු. අපි එයට විරු සමර යැයි නම් කළෙමු. උතුරේ ද දකුනේ ද මරණයේ දේශපාලනට බිලි වූ සිවිල් සහ දේශපාලන නායක නායිකාවන්ගේ ජීවමාන ප‍්‍රමාණයේ චිත‍්‍ර පුවරුවක් ඒ සඳහා නිර්මාණය කිරීමට ප‍්‍රගීත් යෝජනා කළේ ය. එම චිත‍්‍ර පුවරුවෙහි මට මතක හැටියට සෑම පාර්ශවයකින්ම මරණයට ගොදුරු වූ එක් අයකු හෝ ඇතුළත් කෙරුණි. විරු සමරුවෙහි කේන්දීය ආකර්ශනය වු එම චිත‍්‍ර පුවරුව අපේ මානසික ධෛර්්‍යයේ උල්පත බවට පත් විය. අඩු වියදමින් සහ සපයා ගත හැකි ද්‍රව්‍ය බාවිත කරමින් ආකර්ශණිය සහ සංවේදී නිර්මාණ කිරීමට ප‍්‍රගීත්ට තිබූ හැකියාව අප යළි යළි අත් දුටු මවිතයක් විය.

ජීවත්වීමට ජීවිකා වෘත්තියක් සොයා ගන්නේ කෙසේ ද කියා කල්පනා කරනු වෙනුවට ප‍්‍රගීත් කල්පනා කළේ තෘප්තියෙන් යුතුව ජීවත් වන්නේ කෙසේ ද කියා ය. ඔහුට ධනාත්මක චින්තනයක් තිබුණි. දියණියකට ඔහු විසින් ලියන ලදුව සති අන්ත පුවත්පතක පළවූ විද්්‍යුත් ලියමෙහි ද ඒ ළකුණ කැපි පෙනෙන ලෙස ඉස්මතුව තිබේ. යහපත් අනාගතයක් පිළිබඳ තමාට ඇති විශ්වාසය ප‍්‍රගීත් යළි යළි එම ලියුම තුළ සදහන් කරයි. එමෙන්ම නායකයින් නොව සමාජය වෙනස් කරන්නෙ කෙසේ ද යන ප‍්‍රශ්ණය ඔහු එම ලියුම තුළ අභියෝගයට ලක් කරන්නේ වරද ඇත්තේ මහින්ද රාජපක්ෂ තුළ නොව සමාජය තුළ බව සදහන් කරමිනි. මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජනවාර්ගික සාමය සිය අරමුණ කරගත් ප‍්‍රගීත් සිය ජීවිතය පරදුවට තබා ඉටුකළ විවිධ මෙහෙවරයන් කිසිවකු නොදන්නා තරම් ය. ඔහු නිහඩව දැවැන්ත කාර්්‍යයන්ට අත ගැසූ මිනිසෙකි.

මා අන්තිමට ප‍්‍රගීත් හමුවූයේ තිඹිරිගස්යාය 138 බස් නැවතුම අසළ තෝසේ කඩයේ දීය. 2009 මැයි මාසයේ මැද හරියේ ය. ජනමාධ්‍ය මුහුණ දී සිටින වාරණයන් පරාජය කිරීම පිණිස අලූත් විදියක වෙබ් අඩවියක් ආරම්භ කිරීමේ ඔහුගේ අදහස අපි කතාබව කළෙමු. ඔහුට නිර්මාණාත්මක අදහස් ගොන්නක් තිබුණි.

ඉක්මනින් යළි සිය ආදරවන්තයින් අතරට ඒමට වාසනාව ලැබී ප‍්‍රගීත්ට ඔහුගේ සිහින යථාර්තය බවට පෙරළා ගැනීමට අවස්ථාවක් ලැබේවා!

Read more...

අතුරුදහන් කිරීම් හා නීතියේ සද්භාවය

අතුරුදහන් කිරීම් හා නීතියේ සද්භාවය

නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී මේ ලිපිය ලියන දිනය වන විට 28 ක් ගතවී ඇත. ප‍්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම පිළිබ`ද සිද්ධිය ලංකාවේ නීතිය පිළිබ`දවත්, ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය පිිළිබ`දවත්, ලංකාවේ මානව හිමිකම් පිළිබ`ද ගැට`එ සම්බන්ධවත්, ඉතා වැදගත් කරුණු මතුකරන සිද්ධියක් බවට පත්වී ඇත.

ලංකාව බලයෙන් අතුරුදහන් කරවීම් පිළිබ`දව ලෝකයේ නරකම වාර්තා ඇති රටවල් අතර එකක් වශයෙන් පවතී. එමෙන්ම එම ප‍්‍රශ්නය විස`දාලීම සම්බන්ධයෙන් අඩුම ක‍්‍රියා මාර්ගයක් ගත් රට වශයෙන් පවතින්නේ ලංකාව වශයෙන් නම් කිරීම නිවැරදි යැයි මම සිතමි.

ලංකාව වැනි අතුරුදහන්වීම් පිළිබ`දව විශාල ගැට`එ පැවති තවත් රටක් වූයේ ආජන්ටිනාවය. එහෙත් එම රටතුල එසේ විශාල ප‍්‍රමාණයෙන් අතුරුදහන්වීම් සිදුවූ කාලය අවසාන වනවාත් සමගම ඇතිවූ විශාල දේශපාලන ව්‍යාපාර මෙන්ම ජනතා ව්‍යාපාර මගින්, රටේ නීතිය ක‍්‍රියාත්මක කිරීම පිළිබ`දව ඇතිකරගන්නා ලද විශාල වෙනස්කම් නිසා අනාගතයේදී එවැනි සිදුවීමක් වළක්වා ගැනීම ස`දහා වර්ධනය වූ නීති ක‍්‍රියාමාර්ග පමණක් නොව දේශපාලන එක`ගතාවයන්ද, මහජන මතයේ බලවත් විශාල පරිවර්තනයක්ද සිදුවිය. එහෙත් ලංකාවේ නම් එවැනි කිසියම් ප‍්‍රබල සාධනීය ප‍්‍රතිපලයක් ඇතිවූයේ නැත. මෙම කරුණ ප‍්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම පිළිබ`දව සාකච්චා කිරිමේදී ද ඉතා වැදගත්ය.

වැඩි සැකය

ඕනැම අපරාධයක් පිළිබ`දව කරණු ලබන සාකච්චාවකදී වැදගත් කරුණ වන්නේ එම අපරාධය පිළිබ`දව වැඩි සැකයක් පවතින්නේ කුමණ දිසාවක ද යන්නය. ප‍්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පැත්ත කුමක් ද යන්න ගැන එතරම් අමාරුවක් නැතිව සොයාගත හැකිය. ඔහුගේ අතුරුදහන් වීම පිළිබ`දව වැඩි සැකය වන්නේ ඊට වගකිව යුත්තේ රජයේ කිසියම් රහසිගත අංශයක් බවය. ප‍්‍රගීත් එක්නැලිගොඩගේ පවුලේ මතයත්, ඔහුට කිට්ටුවෙන්ම සේවය කල ඔහුගේ වෘර්තියට අදාලව වැඩකල අයගේ මතයත් වී ඇත්තේ, ඔහු පසුගිය ජනාධිපති මැතිවරණයේදී ඉතා පැහැදිලිව ලංකාවේ ජනාධිපතිවරයාට විරුද්ධව මතයක් දැරූ බවත්, කෙළින්ම එහි විරුද්ධ පක්‍ෂය වෙනුවෙන් තර`ග කල සරත් ෆොන්සේකා මහතාට පක්‍ෂව ස්ථාවරයක් ගෙන ඒ පිළිබ`දව ලිපි ලියු බවත්ය.

එසේ කරණ අතර ඔහුට ඔහුගේ අතුරුදහන්වීමට සතියකට පමණ මත්තෙන් ඔහුගේ නම කිසියම් රජයේ අතුරුදහන් කිරීම ස`දහා සකස් කල නම් ලේඛනයක ස`දහන්ව තිබූ බව ඔහුට මිතුරෙකු විසින් දන්වන ලද බවද, ඔහුගේ බිරි`ද පැහැදිලිව ප‍්‍රකාශ කොට ඇත. මේ හැර මෙම අතුරුදහන්වීම ගැන සැක කල හැකි වෙන කිසිම අංශයකින් මතුවන කරුණක් මේ දක්වා ඉස්මතු වී නැත. ඔහු කිසියම් මුදල් ජාවාරමක් ස`දහා යම් කණ්ඩායමක් විසින් ඔසවාගෙන යන ලද්දේනම්, ඒ පිළිබ`දව ඉල්ලීම් කරණවාට සැක නැත. එවැන්නක් සිදුනොවීය. ඔවුහු කිසියම් පුද්ගලික පළිගැනීමක් ස`දහා යම් අයෙකු මෙතරම් ප‍්‍රමාණයක අපරාධයක යෙදෙවේ නම් ඒ පිළිබ`දව කිසියම්ම හෝ හෝඩුවාවක් තිබිය යුතුය. එවැනි හෝඩුවාවක්ද ඇත්තේම නැත. මේ අනුව ඉතා පැහැදිලිවම සිද්ධිය පිළිබ`දව වැඩි සැකය ඉස්මතුව පැවතියේ රජයට විරුද්ධවය.

දේශපාලන වැදගත්කමක් ඇති අපරාධයක්

මෙවැනි අවස්ථාවකදී පොලිස් පරීක්‍ෂණයකින් බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද, යන්න ඊල`ග ගැට`එව බවට පත්වේ. දේශපාලන වශයෙන් සෑහෙන වැදගත් කමකින් යුතු අතුරුදහන්වීමක් වන මෙම සිද්ධිය පිළිබ`දව වගකීම ලංකාවේ පොලිස්පතිවරයා විසින් ඉටුකර ඇත්තේ කෙසේද? පොලිස්පතිවරයා විසින් කර ඇත්තේ හෝමාගම පොලිසියට මෙම පරීක්‍ෂණය භාරදීමය. එම හෝමාගම පොලිසියෙන් ලැබෙන වාර්තා භාරගැනීම හැර වෙන කිසියම් ක‍්‍රියාමාර්ගයක් පොලිස්පතිවරයා විසින් කර ඇති බවට කිසිම ප‍්‍රකාශයක් ඔහු විසින් කර නැතුවා මෙන්ම වෙනත් ආකාරවලින්ද දැනගැනීමට නැත. හෝමාගම පොලිසිය මේ පිළිබ`දව කර ඇත්තේ එම පොලිසියේම පොලිස් කණ්ඩායම් දෙකක් මගින් යම් පරීක්‍ෂණ කිරීමය. එම පරීක්‍ෂණ මොනවාද? ඒවා කලේ කෙසේද? යන්න පිළිබ`දව කිසියම් විස්තර වාර්තාවක්ද, මේ දක්වා ප‍්‍රසිද්ධියට පත්කොට නැත.

මෙම සිද්ධියේ වැඩි සැකය ඇත්තේ රජයට විරුද්ධව බව පොලිස්පතිවරයා දනී. එසේ නම් එවැනි අවස්ථාවක හුදෙක්ම යම් ප‍්‍රාදේශිය පොලිස්ථානයකට මෙම පරීක්‍ෂණය භාරදී තිබීම සාධාරණද? රජයේ කිසියම් අංශයක් විසින් මෙම අතුරුදහන්වීම කලානම් එවැනි පරීක්‍ෂණයක් කිරීමේ ශක්තියවත්, බලයවත්, හැකියාවවත්, ප‍්‍රාදේශීය පොලිස් ස්ථානයකට පවතිනේ නැත. මෙහිදී මූලික පරීක්‍ෂණය යොමුවිය යුතුව තිබුණේ රජයේ යම් මෙවැනි ක‍්‍රියා ස`දහා නොයෙක් හේතූන් මත යොදවා ගන්නා අංශයන් පිළිබ`දවය.

පැහැරගෙනයෑම් ස`දහා රජයේ සංස්ථා යෙදවීම

පසුගිය කාලය දීර්ඝ වශයෙන් ත‍්‍රස්තවාදයට සම්බන්ධ කාලයක් වූ හෙයින් එම කාලය තුළ බලයෙන් පැහැර ගෙනයෑම් හා අතුරුදහන් වීම් කිරීමට සම්බන්ධවූ රජයේ විවිධ කණ්ඩායම් පවතින බව රහසක් නොවේ. එමනිසා රටේ පොලිස්පතිවරයා මෙවැනි සිදුවීම් හා එම සිදුවීම් පිළිබ`දව අවබෝධයක් ඇත්තෙක් යැයි පූර්ව නිගමනය කිරීමේ කිසිදුවරදක් නැත. එම නිසා ඔහුගේ වගකීම වන්නේ මෙවැනි කාරණා පිළිබ`දව අවබෝධයක් ඇති පොලිසියේ කිසියම් අංශයකට මෙම පරීක්‍ෂණය භාරදීමය. මෙවැනි අවස්ථාවකදී ශ‍්‍රී ලංකාවේ පොලිසියේ අපරාධ පරීක්‍ෂණ අංශය හෙවත් සී. අයි. ඞී. :ක්‍ෂෘ* යනුවෙන් හ`දුන්වන කොටසේ විශේෂ බල කණ්ඩායමක්, එස්. අයි. යූ. :ීෂඹ* යනුවෙන් හ`දුන්වන කණ්ඩායමකට භාරදිය යුතුව තිබිණි. මෙවැනි කණ්ඩායම් අතර ඉහත කී ආකාරයට රජයේ අංශයන් තුළින් අතුරුදහන් වීම් ආදිය කිරීම පිළිබ`දව අවබෝධයක් ඇති නිලධාරීන් මගින් මෙම පරීක්‍ෂණය කලයුතුව තිබුණි. එහෙත් එය සම්බන්ධයෙන් කිසිම පියවරක් පොලිස්පතිවරයා විසින් ගෙන තිබූ බවත් පෙනෙන්නට නැත.

අපරාධ පරීක්‍ෂණ පිළිබ`ද ක‍්‍රියාවලිය රැුදෙන්නේ එක් ප‍්‍රධාන සමාජමය මෙන්ම නීතිමය මූලධර්මයක් මතය. එනම් සද්භාවය පිළිබ`ද මූළධර්මයයි. සද්භාවය යන සංකල්පය තේරුම් ගැනීමට එතරම් අපහසු සංකල්පයක් නොවේ. එනම් හිතා මතා බොරුනොකර යම් කිරීමට යන ක‍්‍රියාවක් එය කළයුතු ආකාරයෙන් හා සැබවින්ම එය කිරීමට හැකි ආකාරයෙන් කිරීම සද්භාවය වේ. එනම් උගුරට බේත් නොකෑම යනුවෙන් සාමාන්‍යයෙන් ගැමි ව්‍යවහාරයේ සිදුවන කියන අදහසමය. එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන්වීම සැබවින්ම සෙවීම ස`දහා හැකියාව හා වුමනාව ඇති කණ්ඩායමකට මෙම කාර්යය පවරා ඔවුනට අවශ්‍ය සාධක සපයා ඔවුන්ගෙන් ඉතාම කෙටි කාලයක් තුළ වාර්තා ලබාගෙන ඒවා අනුව ගතයුතු පියවර පොලිස්පතිවරාය විසින් ගතයුතුව තිබිනි. එසේ නොගැනීම වනාහී සද්භාවයෙන් කි‍්‍රයාකිරීම පැහැර හැරීමක් වේ. එම නිසා මෙම අවස්ථාවේදී පොලිස්පතිවරයා එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් ගෙන ඇති කි‍්‍රයාමර්ගය සද්භාවයෙන් යුතුව ගෙන ඇති ක‍්‍රියාමාර්ගයක් වශයෙන් හැ`දින්විය නොහැකිය.

සද්භාවය

මීල`ගට මතුවන ප‍්‍රශ්නය නම් අතුරුදහන්වීම රජයෙන් කෙරුනා යැයි සැකයක් පවතින අවස්ථාවක, එය පිළිබ`දව සද්භාවයෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාව පොලිස්පතිවරයා සතුද යන කරුණය. මෙය හුදෙක්ම නීතිමය ප‍්‍රශ්නයක් නොව දේශපාලනමය ප‍්‍රශ්නයක්ද වේ. ලංකාවේ පොලිස්පතිවරයෙකුට ලංකාවේ රජයේ ඉහළ ස්ථානවලින් දැනුවත්කම ඇතුව සිදුවන්නාවූ අපරාධයක් සෙවීම ස`දහා සද්භාවයෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාව පවතීද? නොපවතීද?

පොලිස්පතිවරයාගේ යුතුකම වන්නේ මේ දේශපාලන වශයෙන් තීන්දු කිරීම නොව නීතිය ඉදිරියේදී ඔහු සතු වගකීම ඉටුකිරීමය. පොලිස්පති නිලය වනාහී නීතිය ක‍්‍රියාත්මක කිරීම ස`දහා ඇති ඉහළම නිලය වන අතර එම නිලයෙන්ම කියවෙන කාර්යය වන්නේ එය කිසියම් දේශපාලන තත්ත්වයකට හේතුවකට යටත් නොවිය යුතු බවය. එම නිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් හෝ ඊට සමාන වෙනත් සිදුවීම් සම්බන්ධයෙන්, සද්භාවයෙන් කි‍්‍රයාකිරීමේ හැකියාවක් නැති තරමට දේශපාලන තත්ත්වය වෙනස් වී ඇත්නම්, ඒ පිළිබ`දව පොලිස්පතිවරයාගේ යුතුකම වන්නේ තමාට මෙම කාර්යය කිරීමේ ඇත්ත බලයක් නැති බව ප‍්‍රකාශයට පත්කිරීමය. එසේ කිරීමටත් බැරි තත්ත්වයක් රටතුළ පවතීද? නැතහොත් එය රටේ ජනයා කවුරුත් පොදුවේ පිළිගන්නා තත්ත්වයක් බවට පත්වී තිබේද යන්න තවත් එකකි. එනම් අද දේශපාලන බලපෑම්වලට යටත්වූ යම් කරුණු පිළිබ`දව පරීක්‍ෂණ කිරීමේ හැකියාව පොලිස්පතිවරයාට නැතය යන, පොදු මතයක් රටේ පවතීද යන්නය. එසේ නොපවතිනවායැයි කීමත් සාධාරණ නොවේ. මේ අනුව පවතින විට පොලිස්පතිවරයාගේ කාර්යය සම්බන්ධයෙන් ඉතා ගැට`එ සහගත තත්ත්වයක් මතුවී ඇත. එනම් දේශපාලන වශයෙන් ඔහු කල යුතු ඔහු නීතියෙන් කිරීමට බැ`දී ඇති කරුණු සම්බන්ධයෙන් එය නොකිරිය හැකි ප‍්‍රමානයට දේශපාලන බලපෑම් වලට යටත්වූ නිලයක් බවට, පොලිස්පතිවරයාගේ නිලය පත්වී ඇත්ද යන්නය.

යුතුකම් පැහැර හැරීම

ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාටත් ඔහුගේ පවුලටත් මෙන්ම රටේ ජනතාවටත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් නීතියෙන් ඉටුවිය යුතු යුතුකම් පොලිස්පතිවරයාගේ අතින් ඉටුවී නැතිබව සක්සුදක්සේ පැහැදිලිය. එය දේශපාන වශයෙන් සාධාරණ කල හැකිද නැද්ද යන ප‍්‍රශ්නය වෙනත් ප‍්‍රශ්නයකි. රටේ නීතිය ක‍්‍රියාත්මක කර නොහැකි ප‍්‍රමාණයටම දේශපාලන බලපෑම් උග‍්‍රවී තිබේද? එසේ නම් එක්නැලිගොඩ මහතාට පමණක් නොව රටේ කාටවුවත් එවැනි අවස්ථාවකදී නීතිය ක‍්‍රියාත්මක කිරීම පිළිබ`ද බලාපොරොත්තු විය නොහැකි තත්ත්වයකට පත්වී ඇත්ද යන්න මෙහිදී විස`දීමට ඇති ගැට`එව බවට පත්වී ඇත.

අතුරුදහන්වීම් සරදමට ලක්කිරීම

මෙම සිද්ධියේදී තවත් ඛේදනීය අන්තයක් ඉස්මතු වී ආවේය. එනම් මෙම අතුරුදහන්වීම විහිලූවට භාජනය කරන තරමටම සමහර මාධ්‍යකරුවන් පත්වීමය. දිනමිණ පුවත්පතේ යම් වාර්තාවල එක්නැලිගොඩ මහතා හැංගී සිටිනවා යන්නට සාක්ති ඇත යන්නෙන් සැකයක් ඉස්මතු කොට තිබිණි. එහෙත් එය කිසිම දත්ත මත පදනම්වූ ප‍්‍රකාශයක් නොව හුදෙක්ම මනඃ කල්පිතයක් වේ. මෙවැනි බැ?රුම් ප‍්‍රශ්නයකදී පවා සම්පූර්ණ සිද්ධිය විහිලූවට නගමින් ඔහු අතුරුදහන්වී නැත සැ`ගවී ඇත ආදී වශයෙන් මහජන මතයක් ඇතිකිරීමට තරම් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කරන තත්ත්වයක් නිර්මාණය වීම තුළිනුත් ඇත්තේ නීතිය පිළිබ`දව රටතුළ පැතිරී පතිවන ඉතා ගැඹුරු විශ්වාසය කඩවීමකි. නීතියෙන් වැඩක් නැති බවත්, ඔහු සැ`ගවුණා යැයි සිතාගෙන හෝ වෙනත් ආකාරයකින් විහිලූවක් බවට එය පත්කොට රහසිගතව සිනාසෙන තත්ත්වයකට නීතිය කඩා වැටී තිබීමද, නීතිය පිළිබ`ද කිසියම්ම හෝ තැකීමක් ඇති, කාගේ වුවද බරපතල කණස්සල්ලට හේතු විය යුතුව ඇත.

මේ අනුව ලෝකයේ බලයෙන් අතුරුදහන්වීම් පිළිබ`දව විශාල වාර්තාවක් පවතිත්දීත්, ඒ පිළිබ`දව නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම නිසා, එම තත්ත්වය යහපත් අතකට පත්කරගැනීමට, වඩා නීතිය මුලූමනින්ම අතුරුදහන් වුණු තත්ත්වයක් පෙන්නුම් කරන තත්ත්වයක්, දැන් ප‍්‍රගීත් එක්නැලියගොට මහතාගේ සිදුවීම මගින් පෙන්නුම්කරන බව කණගාටුවෙන් යුතුව සැළකිය යුතුව ඇත.

Read more...

  © Blogger templates Newspaper III by Ourblogtemplates.com 2008

Back to TOP