Saturday, October 23, 2010

අතිගරු ජනාධිපතිතුමනි,

මා ඉපදුනේ ලංකාවේ ය. මගේ මුතුන් මිත්තෝ සියල්ළෝම නිදන්නේ අපේ දේශයේ ශුද්ධ වූ පොළවෙහි ය. වයස දහයක් වෙත්ම මම යාපනයේ සිට කොළඹට ආවෙමි.

යාපනයේ අඹ පැනිරස මම උරා බී ඇත්තේමි. කොළඹ දී රසවත් රතු ජම්මු මගේ කමීසයෙහි රතු පැල්ලම් ඉතිරි කළේ ය. කපුටන් හාරා ගන්නට තැත් දරන ඉදීගෙන එන වරකා සුවද මට පුරුදු ය.මා රට හැර ආවේ 1975 දී ය. එකල් සිට අපේ දේශය වෙලී ඇත්තේ ඒ සා මහත් වූ වේදනාවකින්, දුක්ගින්දරකින් සහ සන්තාපයකිනි.

කුඹුරු යායයන් වෙත සිය ශුද්ධ වූ ජලය ගෙන එන්නා වූ බලවන්ත මහවැලි නදිය උතුරුවාලූයේ ලේ ය. දෙමලූන්ගෙත් සිහලූන්ගෙත් ලේ ය.

අපේ දේශය පාරාදීසයක සිට නරකාදිය කරා පතුලට ම ගිලී යනු මම බලා සිටියෙමි. වරද කාගේ දැයි සහතික කර කීමට කිසිවකුට නොහැකි ය. මන්ද වරද සෙවිය යුතු කාලය බොහෝ ඉක්ම ගොස් ඇති බැවිනි.

අතිගරු ජනාධිපතිතුමනි, ඔබ සමහර විට පැවැත එන්නේ දුටු ගැමුණුගෙන් විය හැකි ය. අපේ ජනයා පැවැත එන්නේ, එනයින් එළාරගෙනි. මතකයට ගන්න, කණ්ඩුල නම් සිය ඇතුපිට නැගී දුටු ගැමුණු එළාර සමඟ යුද වැදුණු සැටි. ප‍්‍රථම වතාවට ශ‍්‍රී ලංකාව එකසේසත් කිරීම උදෙසා තවමත් දුටු ගැමුණු අනුස්මරණය කැරේ. එමෙන්ම ඔහු තවත් කරුණක් නිසා ද අනුස්මරණය කෙරෙයි. යුද වැදී එළාර මරා දැමීමෙන් පසු ඔහු එළාර වෙනුවෙන් ස්මාරකයක් තැනව්වේ ය. ඒ ගරුකල යුුතු සිය සතුරා වෙනුවෙනි.එතැන නතර වී බැස අචාර කරන ලෙස ඔහු සියළු ශ‍්‍රී ලාංකිකයිනට නියෝග කළේ ය. එමගින් ඔහු පෙන්නුම් කලේ සිය උදාරත්වය පමණක් නොවේ. තමා දක්ෂ දේශපාලනඥයකු ද වන බව ය. එළාර පරාජය කිරීමෙන් පසු තමාට දෙමළ ජනයා පාලනය කිරීමට ඇති බව ඔහු දැන සිටියේ ය.

ජනාධිපතිතුමනි, ඇදහීම සහ වාසනාව ද ඔබේ ඉහළ දේශපාලන නිපුනතා ද විසින් ඔබ ඉතිහාසයේ අද්විතීය තැනක තබනු ලැබ ඇත. තමාට පෙර අන් අය අසාර්ථක වූ නමුත් මහින්ද රාජපක්ෂ නම් ශ්‍රේෂ්ඨ නායකයා සහ දක්ෂ යුදකාමියා විසින් විසිපස් වසරක් පැවැති කැරලිකාරිත්වය අවසානයේ දී පරාජය කළ බව ඉදිරි දරු පරම්පරා ඉගෙන ගන්නවා ඇත. විටෙක ඔබ විසි එක්වන සියවසේ දුටු ගැමුණු යැයිද ඔව්න් විසින් නම් කරන්නට ඉඩ තිබේ.

එසේ නමුත් ජනාධිපතිතුමනි ඔබට දුටු ගැමුනු චෛතසිකය පැළඳ ගැනීමට අවැසි නම් ඔබ ද තැනිය යුතු ය ස්මාරකයක්. එය නොවිය යුතු ය දාගැබක් හෝ ගොඩනැගිල්ලක්. එය විය යුතු ය නව පිළිවෙතක්. එය පිරිපුන් විය යුතු ය ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය බලයෙන්.

1958 වර්ගවාදී කැරලි කෝලාහලයන්ට මඟ පෑ¥ වැරදි වලට යළි ඉඩ නොතියන්න. සරසවි වරම් ලැබීමට අපේෂාවෙන් සිටින දෙමළ තරුණතරුණියන් ඉන් වළක් නොවන්න. තමන් දෙවන පංතියේ පුරවැසියන් යැයි දෙමළ ජනයාට හැෙඟන්නට ඉඩ නොහරින්න. ඔවුන්ගේ ආගමට ඔව්න්ගේ භාෂාවට ගරු කරන්න.ජනාධිපතිතුමනි, දෙමළ ජනයා ගැන ඔබ දැන ගත යුතු දෙයක් තිබේ. ඔවුනට සිය භාෂාව දෙවියන් වැන්න. සිය බසට ඒ සා කැපවීමක් ඇති සංස්කෘතීන් ලොව ඇත්තේ අතළොස්සකි.

ඔබ නීතිඥයකු ලෙස පුහුණුවක් ලැබූවෙකි. ඔබේ වෘත්තියේ මුල් කාලයේ දී ඔබ දෘඩතර මානව හිමිකම් ආරක්ෂකයකු විය. ජයග‍්‍රහණයන් ලබා රෝමයට ආ වීරයකු සේ ජුලියස් සීසර් මෙන් අද ඔබ ජනප‍්‍රිය ය. බලවත් ය. ඔබ ඉල්ලා සිටින කිසිවක් ප‍්‍රතික්ෂේප කිරීමට තරම් කිසිවකු බලවත් නැත.

අප නීති විද්‍යාලයේ දී සෝල්බරි ව්‍යාවස්ථාව ඉගෙන ගත් අවස්ථාවේ දී හැදෑරූ වෙනස් කළ නොහැකි විධිවිධාන සම්මත කරන්න. (entrenched provisions) යනුවෙන් හැදින්වෙන වෙනස් කළ නොහැකි විධිවිධාන යනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ව්‍යවස්ථාවෙහි තිබූ 29 වන වගන්තිය යි. ඉන් කියැවුනේ ශ‍්‍රී ලංකවේ පාර්ලිමේන්තුවට කිසිදු සුළුතර ජනප‍්‍රජාවට විශම සැළකීමක් කරන නීති සම්මත කළ නොහැකි බව යි. මෙම 29 වන වගන්තිය කිසිම ලෙසකින් වෙනස් කළ නොහැකි වගන්තියක් ලෙස ව්‍යවස්ථාවට එක් කර තිබුණි. 1972 ජනරජ ව්‍යවස්තාව සකස් කිරීමේ දී එම වගන්තිය සහමුලින්ම නොසළකා හරින ලදී – අවශ්‍ය නම් මගේ සහාය ඔබට හිමි ය. සාගින්නෙන් ද නිරුවතින් ද සිටින දෙමළ ජනයා ඔව්නට කියා ස්ථානයක් ඇත්දැයි ඔබ දෙස බලා සිටී. සහතික කරන්න, ඔවුනට තැනක් ඇති බව. ඔබ එක් ප‍්‍රභාකරන් කෙනෙක් මරා දැමුවෙහි ය. එහෙත් තවත් ප‍්‍රභාකරන් කෙනෙක් ගොඩ නැගී ඒමට ඉඩ නොතබන්න. කඩු සහ තුවක්කු මගින් එවැන්නකු බිහි වීම වළක්වන්නට ඔබට බැරි ය. එය කළ හැක්කේ ඔබේ හදවතින් සහ ඥානයෙන් පමණි. කරුණාව, සත්‍යය සහ යුක්තිය. ඔබ ඒ බව බුදුන්ගෙන් ඉගෙන ගත්තෙහි ය. ඔබට අවශ්‍ය අවි ඒවා ම පමණි. අන් කිසිවක් නොවේ. ධම්මපදයට අනුව බුදුන් කීවේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් එය ආදරයෙන් පමණක් සිදුවන බවත් ය.

ජනාධිපතිතුමනි, ඔබ මේ ලස්සන නගරයෙන් ආපසු යන විට මට පොරොන්දු වෙන්න හෙට දවසේ පාසැළට යන දස හැවිරිදි දරුවාගේ සුදු කමීසයෙහි ජම්බු රත මිස අන් රතු පැල්ලමක් නොතිබෙන බවට. උදෑසන කපුටා වරකා ගෙඩිය මිස වෙනත් දෙයක් නොහාරනු ඇති බවට. මා සුවද උරා බිව් අඹ ගසෙන් පළතුරු මිස අන් කිසිවක් නොඑල්ලෙනු ඇති බවට.

ගරු ජනාධිපතිතුමනි, අප යළි පාරාදීසයට කැඳවා යන්න. ඔව්, යළි පරාදීසයට කැඳවා යන්න.

- (ජනාධිපති රාජපක්ෂ මහතා පිළිගැනීම පිණිස පසුගිය දා ඇමෙරිකාවේ හූස්ටන් නගරයේ පැවැති හමුවක දී ශ‍්‍රී ලාංකික දෙමළ නීතිවේදියකු වන ජොර්ජ් ආර්. විලි විසින් පවත්වන ලද කතාවේ අනුවාදයකි.)

Read more...

ප‍්‍රභාකරන් සිංහලයෙක් ද ?

චන්දන සිරිමල්වත්ත

මොංගෝලියානුවනි, කහවන් ආසියාවේ
කොකේසියානුවනි සුදුවන් යුරෝ දෙසේ
නීග්‍රෝවරුනි කලූවන් අප‍්‍රිකාවේ
උරය පලා සැතකින් බලන් රුහිරු
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු’

නන්දා මාලිනීගේ ‘පවන’ ගීත සමුච්ඡුයෙන්
පද රචනය: සුනිල් ආරියරත්න

2009 මැයි 18වැනිදා හැන්දෑවෙ නන්දිකඩාල් කලපුවෙ ප‍්‍රභාකරන්ගෙ මලසිරුර සොයාගත් බව ආණ්ඩුව නිවේදනය කළාට පස්සෙ අපේ රටේ සමහරු කිරිබත් උයන්නත් රතිඤ්ඤා පත්තුකරමින් සතුටුවෙන්නත් පටන්ගත්තා. ඒ අයගෙන් ප‍්‍රකාශවුනේ තිස් අවුරුද්දක් රටට හානිකළ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය අවසන්කිරීමේ ජයග‍්‍රහණය බව රූපවාහිනී කැමරා ඉදිරිපිට අදහස් දැක්වූ බුද්ධිමතුන් ප‍්‍රකාශකළා. ඒත් ප‍්‍රභාකරන් මැරුණම සතුටුවෙන්න අපට ලැබුනෙ මොනවද? ප‍්‍රභාකරන්ගෙ මළක`ද ලැබුනම අපේ ප‍්‍රශ්න ඔක්කොම ඉවරද? මේ වගේ කතාබහක් අප අතරෙ ඇතිවුණා.

ප‍්‍රභාකරන් අපේ සමාජයෙදි දුෂ්ටයෙක් තමයි. ඒත් ඒ දුෂ්ටකමට හේතුව මොකක්ද? දේශපාලන වශයෙන් ඔහු වෙනම රාජ්‍යයක් ඉල්ලන්නෙ දෙමල ජනතාවට විස`දුම් නොමැති ප‍්‍රශ්න ගොඩක් තිබුණු නිසයි. ඒත් ජාතිවාදී යුද්ධයක් කරන්න තරම් වෛරයක් ඇතිවී තිබුණා. මේ වෛරය හිට්ලර්ගෙ වෛරය තරම් ගැඹුරු බව සමහරු කිව්වා. හිට්ලර් ගියේ පිරිසිදු ජර්මන්වරු වෙනුවෙන් සටන්කරන වර්ගවාදී පාරක. දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් ලබාදීමේ නාමයෙන් ප‍්‍රභාකරන් ගියෙත් ඒ පාරෙමයි.

මේ වැරදි පාර මොකක්ද? ඒ තමයි මිනිස් ඉතිහාසය වැරදි ආකාරයට විශ්ලේෂණය කරපු වර්ගවාදී මාවත. උසස් මිනිස් වර්ගයක් පිළිබ`ද මිත්‍යාව 19-20 සියවස්වල ලොවපුරා විද්වතුන් හා දේශපාලන නායකයන් අතර ප‍්‍රබලව තිබුනා. ඒත් 20වැනි සියවසේ අගභාගයෙදි සිදුකළ විද්‍යාත්මක සොයාගැනීම් හමුවෙ එම මතයෙ පදනම බි`දවැටුනා.

මිනිස්සු වානරයන්ගෙන් බිහිවුණු බවට චාල්ස් ඩාවින් මතයක් ඉදිරිපත් කළ පසුව ඒක වැරදි අදහසක් බවට මරාගෙන මැරෙන්න තර්කකරපු අය හිටියා. සමහරු ඇත්තටම විiාත්මක කරුනු නිසා ඒක වැරදියි කියලා කිව්වා. ඒත් ඩාවින්ගෙ මතය වැඩියෙන් විවේචනය කළේ දෙවියන් වහන්සෙ හෝ වෙනත් මහා බලයක් විසින් ලෝකය මැවුබව හිතපු අයයි. ඒ නිසා උසස් මිනිස් ප‍්‍රජාවක් කියලා කවුරුවත් වෙනම බිහිවුනේ නැතිබවට පළවූ මතයටත් විරුද්ධ අදහස් ආවා. ආර්යයන් හෝ යුරෝපොයිඞ් හෝ සුදු හම ඇති හෝ හිස්කබල දිගටි හෝ මෙවැනි හේතු නිසා සෙසු මිනිසුන් පාලනයකිරීමේ අයිතියක් ඇති පිරිසක් ලෝකයේ බිහිවුනු බව ප‍්‍රකාශකිරීමත් එක්තරා මැවුම්වාදයක් වගෙයි. හිරු නොබසින අධිරාජ්‍ය ගොඩනගද්දි බි‍්‍රතාන්‍යයන් ලොකයේ ජාතීන් බෙදා වෙන්කර පාලනයකරන්න මේ කතාව හො`දහැටි යොදාගත්තා. අසල්වැසි ඉන්දියාවෙ බ‍්‍රාහ්මන වංශිකයන් ආර්යයන් බවත් ඉන්දියාවෙ සෙසු ගෝත‍්‍ර හා වෙනත් ජාතිකත්ව ඔවුන්ට වඩා පහත්බවත් කියමින් සුදු අධිරාජ්‍යවාදය ඉන්දියාවෙ බ‍්‍රාහ්මන වංශිකයන්ගෙ ආශිර්වාදයෙන් හා මහරාජාවරුන්ගෙ කැමැත්තෙන්ම පමන්ට රිසි පාලනයක් ගෙනගියා.

මේ කරුණු ප‍්‍රභාකරන්ගෙ මරනය එක්ක ගැලපෙන්නෙ කොහොමද? ඔබ කල්පනා කරනවා ඇති. ප‍්‍රභාකරන් ගැන දෙමළ ජනතාව ගැන කතාකරද්දි ඔවුන් ද්‍රවිඩ කියන එක් මූලික ජන කණ්ඩායමක් ලෙස වර්ගකරන්න පුළුවන්. දෙමළ, මලයාලි, තෙළි`ගු යන භාෂා භාවිතාකරන දකුණු ඉන්දියාවෙ ජනයා ආර්ය නොවන මූලයකින් පැවැත එන බවට මතයක් තිබෙනවා. සිංහල ජනයා විජයගෙන් පැවැත එන බවත් විජය උතුරු ඉන්දියාවෙ ආර්ය මූලයකින් පැවැත එන බවත් කියනු ලබනවා. ප‍්‍රභාකරන් දෙමල ජාතිකයෙක් බවත් ඔහු දකුණු ඉන්දියාවෙ දෙමල ජනතාවට සමීප මූලයක් ඇති නිසා දෙමළ රාජයයක් බිහිකිරීමට කටයුතුකළ බවත් කියනු ලබනවා. ඒත් දෙමළ ජනතාව, සිංහල ජනතාව වශයෙන් මේ වෙන්කරන එක ඇතුලේ සතුරුභාවයක් ඇතිවෙනවා. භාෂාව, සිරිත්විරිත්, සමේ වර්ණය වෙනස්වීම නිසා අපි සහ උන් යනුවෙන් වෙනස්කමක් ඇතිකරගෙන තිබෙනවා. ඒ වෙන් වෙන් ජන කන්ඩායම් අතර බාහිර වශයෙන් තිබෙන වෙනස්කම් ඉතාමත් සමාජ විද්‍යාත්මකයි. ඒ වුණාට මේ සියළු දෙනාම එකම විශේෂ මිනිස් පවුලකට අයත්බව සැළකුවොත් එකිනෙක අතර ඇති මේ වෛරය තේරුමක් නැති දෙයක් බව වටහා ගන්න පුළුවන්.

එකම පවුලක්… ඔව් දැන් විiාඥයන් විසින් විස්තර කරන ආකාරයට මිනිස් සමාජයෙ ආරම්භය එකම මිනිස් පවුලක් බව තමයි පිළිගන්න වෙන්නෙ. ආර්යයන් ගැන උදම් අනන අයටත් අනාර්යයන් ගැනකියමින් සිටින අයටත් තමන් සියළුදෙනා එකම පොදු මූලයකින් බිහිවුණේ කියන කාරණය අමතක කළ නොහැකියි. මේ ගැන විස්තරාත්මකව කියන්න පරිනාමය පිලිබ`ද කළ ගවේශන වගේම පසුකාලයක සංවර්ධනය වූ ජාන විiාවත් යොදාගනු ලබනවා.

අද ලෝකයේ විවිධ රටවල ජිවත්වන ජනයා බිහිවුණේ කොහොමද කියන ප‍්‍රශ්නය මතුවෙනවා. මෙම ප‍්‍රශ්නයට පිළිතුරු සපයන ප‍්‍රධාන පෙළේ මතයක් හැටියට තියෙන්නෙ ‘අප‍්‍රිකාවෙන් බිහිවීම’ පිළිබ`ද අදහසයි. වරින්වර සොයාගනු ලැබූ මානව ඇටසැකිලි යොදාගෙන මෙම මතය සනාථකරනු ලබනවා. ඒ අනුව අප‍්‍රිකාවේ නැගෙනහිර ප‍්‍රදේශයේ බිහිවූ මුල්ම මානව වානරයන් ලෝකය පුරා ගමන්කර ඇත්තේ විවිධ කාලවකවානුවලදිය. වසර මිලියනයකට පෙර ඔවුන් අප‍්‍රිකාවේ සිට ගමන් ආරම්භ කළ බව කියනු ලබනවා. වසර පනස්දාහකට පෙර ඉන්දියාවට පැමිනියේ මෙම පිරිස බව කියනු ලබනවා. ඒ නිසා ඉන්දියාව ජනාවාස වූයේ මුල් මානව සංක‍්‍රමනවලින් පසුව බවත් ඉන්පසු විවිධ අවස්ථාවල සංක‍්‍රමන හා ආක‍්‍රමනවලින් මෙම ජනාවාස වූ ජනතාව මිශ‍්‍ර වූ බවත් කියනු ලබනවා. ඒ මිශ‍්‍රවූයේත් අප‍්‍රිකාවෙන් පිටවී දිගුකාලයක් වෙනත් ප‍්‍රදේශයක ජිවත් වුණු ජනකොටස් සම`ග නිසා මෙම මතය ආර්යයන්ගේ සංක‍්‍රමණ හෝ ආක‍්‍රමණ ලෙස කියනු ලබන සතුරුකම් අවුලූවන මතයට පටහැනියි. ඒ නිසාම ප‍්‍රභාකරන් ඇතුලූ දෙමල ජනතාව අනාර්ය ලෙස හැ`දින්වීමත් පසුකාලයක මෙරටට පැමිනි ජනතාව ආර්යයන් ලෙස සැලකීමත් වැරදියි. භාෂාව හෝ වෙනත් යම් සමාජ විද්‍යාත්මක ලක්ෂන නිසා අප එසේ ආර්ය අනාර්ය වර්ගීකරනයක් කළත් මෙම පොදු මූලයක් ඇතිබව අමතකකළ නොහැකියි.

පිල් බෙදි යුදවදින්නට තරම් සතුරන් නොවන බව මිනිස්සු වටහාගත්විට දේශපාලකයන්ට අවාසි වෙනවා. ජාති ආගම් කුල ආදි වශයෙන් මිනිසුන් බෙදී සිටිනවිට ඒ බෙදීම් අවුලූවා බලයට පත්වෙන්න විවිධ ක‍්‍රම ඔවුන් දන්නවා. ඒත් තමන් අතරෙ වෙනසක් නෑ, ඇනකොටාගන්න හේතුවක් නෑ තියෙන ප‍්‍රහ්නවලට උත්තර හොයන්න එකතුවෙන්න පුලූවන් කියන අවබෝධය ඇතිවුනොත් දේශපාලකයන්ට අවාසියි. ඒ නිසා ඇත්ත දැනගන්නවාට ඔවුන් විරුද්ධයි. ඇත්ත කියන මිනිස්සුන්ට බොරු චෝදනා නගන්නේ, ඔවුන් මරා දමන්නෙ ඒ නිසයි. අතීතයේ මිනිස්සු හිතුවෙ ඉර අප ජිවත්වන ලෝකය වටේ කරකැවෙන බවයි. ඒක එහෙම නොවෙයි කියූ අය ඒ කාලෙ පාලකයන් හා පූජකයන් විසින් නඩු අහලා දසවද දීලා මරා දැමුවා. ඒත් දැන් අපි ඇත්ත දන්නවා. කවුරු කොොහම කියුවත් ඇත්ත වෙනස් වෙන්නෙ නෑ. ලේ සාගරයක ගිල්වුවත් සත්‍ය මරාදමන්න බෑ. අදත් අපේ මිනිස්සු ඇත්ත දැනග්න භාවිතාකරන ජනමාධ්‍යයත් දේශපාලනයත් මර්දනය කරන්න උත්සාහ කරන්නෙ පාලකයන් විසින්.

ප‍්‍රභාකරන් සිංහලයෙක්ද කියලා එක පාරටම අපට කියන්න බෑ. ඒත් සිංහල දෙමළ ජනතාව අතර ලොකු වෙනසක් නෑ කියලා දැනටමත් සොයාගෙන තියෙනවා. ඒ ජාන පරීක්ෂන ම`ගින්. මිනිස් සමාජයේ ඉතිහාසය ගැන හොයන්න හැකියාව තියෙන තවත් ක‍්‍රමයක් වන ජාන විiාව ම`ගින් කළ අපූරු සොයාගැනීම් මීළ`ගට අපේ අවධානයට යොමු කරමු.

ඉන්දියාවේ සුප‍්‍රකට ජාන විiාඥයන්වන ආචාර්ය ගෞතම් ශාස්ත‍්‍රියා, ආචාර්ය සාරාබ්ජිත් මස්තානියන් සහ ආචාර්ය රොබට් කර්ක් විසින් කළ පර්යේෂණ මෙම නිගමනයන්ට එළඹීමට හේතු සපයනවා. ආචාර්ය ජී.කේ. ශාස්ති‍්‍රයා තම පර්යේෂණය සිදු කළේ 1995දි. ඔහු මේ පිළිබ`ද අවසන් වාර්තාවක් නිකුත්කලේ 2008 වසරෙදි. එම පර්යේෂණයට පදනම් කරගත්තේ ජාන විiාවේ එක් විශේෂ ක‍්‍රමයක්. අප‍්‍රිකාවේ බිහිවූ මානව වාරනයන්ගේ සිට ලොව පුරා විහිද ගිය මානව ශිෂ්ටාචාරයේ කතාව සොයාගන්නටත් උපකාරි වූ මෙම ක‍්‍රමය හ`දුන්වන්නේ ‘ජාන ලක්ෂණ’ ක‍්‍රමය ලෙසයි. වර්ෂ දහස්ගනනක් එක් ප‍්‍රදේශයක ජිවත් වූ මානවයා එම ප‍්‍රදේශයෙන් වෙනත් පරිසරයකට යාමේදී දේශගුනය හා වෙනත් පරිසර තත්වයන් වෙනස්වීමෙන් මෙම ජාන ලක්ෂනය ඇතිවෙනවා. අප‍්‍රිකාවෙන් මධ්‍යම ආසියාවට පැමිණි අවස්ථාවේදී සහ ඉන්දියාවට පැමිණි අවස්ථාවේ ආදි වශයෙන් එවැනි ජාන ලක්ෂන ඇතිවූ බව සොයාගෙන තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ ජිවත්වන අපගේ ජානවලත් මෙම ජාන ලක්ෂනය නොමැකී පැවතීම නිසා අප ද අප‍්‍රිකාවේ සිට පැමිණි ආදි මානවයන්ගෙන් පැවත එනබවට නිශ්චිතව හෙළි වෙනවා. ඒ අනුව කළ පර්යේෂන ම`ගින් හෙලිකරන කරුණු ඉතාමත් පුදුම සහගතයි.

ආචාර්ය මස්තානියන් හෙලිකරන ආකාරයට ශ‍්‍රී ලංකාවේ ජිවත්වන දෙමල ජනතාව දකුනු ඉන්දියාවේ දෙමල ජනතාවට වඩා සිංහල ජනතාවට ජානමය සමානකමක් දක්වනවා. මෙරට වෙසෙන මුස්ලිම් ජනතාව පැවැත එන්නේ ඉන්දිය මුස්ලිම්වරුන්ගෙන් කියන මතයක් තිබෙනවා. එහෙත් මෙරට මුස්ලිම් ජනයා ඉන්දිය මුස්ලිම්වරුන්ට වඩා මෙරට දෙමල හා සිංහල ජනතාවට සමීපකමක් දක්වන බව මෙම පර්යේෂණයෙන් හෙලිවී තිබුණා. එසේම සිංහල ජනතාව (සහ මෙරට දෙමල ජනතාව* උතුරු ඉන්දිය ජනතාවට වඩා දකුණු ඉන්දිය දෙමළ ජනතාවට සහ බෙංගාලි වැසියන්ට ජානමය වශයෙන් කිට්ටුවන්තකමක් ඇති බව කියනු ලබනවා. මේ කියන්නේ මොකක්ද? ආර්යයන් ලෙස උතුරු ඉන්දියාවෙන් ලංකාවට පැමිණිවුන්ගෙන් සිංහලයන් පැවැත එන බවට මෙතෙක් පැවැති මතය මෙයින් ප‍්‍රතික්ෂේප වෙනවා. මෙරට සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව එකිනෙකාට ජානමය වශයෙන් සමීපවීම හා ඔවුන් දෙපාර්ශ්වය දකුනු ඉන්දිය දෙමල ජනතාවට සමීපවීම තේරුම්ගතහැකිවන්නේ කෙසේද? ආර්යයන් ලෙස යුරෝපයෙන් සංක‍්‍රමණ හෝ ආක‍්‍රමණ ලෙස මෙරට ජනාවාස වූ බව කියනවාට වඩා අප‍්‍රිකාවේ සිට පැමිණි එක් මූලයකින් ඉන්දියාවේ දකුණ හා ශ‍්‍රී ලංකාවේ ජනාවාසකරණය වි ඇති බව මෙයින් තේරුම්ගන්නට පුළුවන. ශ‍්‍රී ලංකාවේ ජනතාව ජනවාර්ගික වශයෙන් එකිනෙකා අතර පරතරයක් හදාගෙන තිබුණත් ඔවුන් අතර ජාන විiාත්මක වෙනසක් නැතිබව මේ ජාන පර්යේෂනය අනුව පැහැදිලි වුනා.

මෙම කරුනු අපට පවසන්නේ කුමක්ද? ප‍්‍රභාකරන් අයත් ලාංකීය දෙමළ ජනතාව සිංහල ජනතාව සම`ග සමීපකමක් දක්වන නිසාත් ඉන්දිය දෙමළ ජනතාවට වඩා ලාංකික දෙමළ, සිංහල හා මුස්ලිම් ජනතාව මෙරටට වෙන්ව පැමිණ පදිංචිවූවන් යන මතය බි`දවැටෙනවා. මෙම භාෂාමය හා සංස්කෘතික වෙනස්කම මෙරටට එකම කාලයක විදේශයෙන් පැමිණ පදිංචිවූ එකම ජන කොටසකින් ඇතිවූවක්ය යන්න එක්වරම පිලිගන්නට නොහැකිය. කෙසේ වෙතත් ඔවුන් එක් පොදු මූලයකින් පැවැත එන ලේ නෑයන් බව නම් පැහැදිළිය. 1940 දසකයේ සිට වෙනම රාජ්‍යයක සංකල්පය වර්ධනය වෙමින් මෙරට දෙමළ ජනතාව බෙදුම්වාදි අන්තයකට ඇද දැමු සමාජ දේශපාලනික හේතු ඇත. සිංහල වේවා දෙමළ වේවා ජාතිවාදී දේශපාලකයන් විසින් මෙරට සිංහල හා දෙමළ ජනයා බෙදා වෙන්කර පාලනයකිරීමෙන් මෙම සන්නද්ධ බෙදුම්වාදයට පාරකැපූ බව සත්‍යයකි. ඔවුන්ගේ දේශපාලන බලය වෙනුවෙන් දියත් වූ ව්‍යාපෘති හේතුවෙන් වසර තිහක් එකිනෙකා මරාදමමින් යුද වැදුණේ සහලේ ඥාතිවරුන් බව පැහැදිලිය. ජාන විiාවෙන් වේවා මනුෂ්‍යත්වයේ නාමයෙන් වේවා ඊට වඩා ඛේදජනක සොයාගැනීමක් තවත් කොයින්ද?
Impact of Ecology On Human Development

මෙම ලිපිය සකස් කිරීමේදී නවතම විද්‍යාත්මක තොරතුරු සහ මූලාශ‍්‍ර ලබාදීමෙන් දායක වූ වෛද්‍ය රෝහණ දයාරත්න මහතාට කෘතවේදීත්වය පළ කරමි

Read more...

Sunday, September 26, 2010

ධනපති පංතියට ඇඩ්‍රස් නැති වීම හා ධනවත් පංතිය ජය කෙහෙළි නැංවීම

The decay of the capitalist class and the rise of the wealthy class in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ ධනපති පංතිය එක්සත් ජාතික පක්ෂය කෙරෙහි විශ්වාසය අහිමි කරගෙන ඇති බව ද, එජාපය මුහුණ දී සිටින්නේ පංති අර්බුදයකට බව ද ඇමති රාජිත සේනාරත්න The Observer පුවත්පතට පවසයි.


ධනපති පංතිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග ඉතා සමීපව කටයුතු කරමින් සිටින බව ද ‍රාජිත සේනාරත්න පවසයි. එය එසේ විය යුතු ය. ධනපති පංතිය කරන්නේ ව්‍යාපාරයි. නූතන සංදර්භය තුළ දේශපාලකයන්ට සන්තෝසම් නො දී, ඔවුන්ගේ ආශිර්වාද ලබා නො ගෙන පෙට්ටි කඩයක්වත් ඇරිය නො හැකි තත්වයක් රටේ තිබේ. එහෙයින් ධනපති පංතිය සාමාන්‍යයෙන් කවදත් කළ පරිදි, පවතින සංදර්භයන් සමග හැඩ ගැසී සිය ව්‍යාපාර කරගෙන යයි. ඒ නිසා ඒ ගැන නම් පුදුම විය යුතු නැත.


ධනපති පංතිය කියා අප සාමාන්‍යයෙන් පරිවර්තනය කරන capitalist class යන වචනයෙන් අදහස් වන්නේ ධනවත් පංතිය යන්න නො වේ. ධනපති පංතියට ඉංග්‍රීසියෙන් කියන පරිදි ඔවුහු ප්‍රාග්ධනය ගොඩ ගසන, ආයෝජන කරන, ව්‍යාපාර පවත්වාගෙන යන පංතියකි. ඔවුන් රජයෙන් ස්වායත්ත පිරිසකි. ඔවුහු පංතියක් ලෙස රජයෙන් බලාපොරොත්තු වන්නේ සිය කටයුතු නිදහසේ කරගෙන යා හැකි තරමට ආර්ථික සාමයක් ඇති, නිදහස් තරගකාරිත්වයට ඉඩ සලසන මට්ටමට ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ලබා දෙන පාලනයකි. ඊට වඩා හෝ ඊට අඩුවෙන් දෙයක් ඔවුන්ට අවශ්‍ය නැත.


එසේ ම, කැරැලි නො ගසන තරමට තෘප්තිමත් හෝ විනයගත කරන ලද හෝ අඩු මිළ ශ්‍රම බලකායක් හෙවත් ප්‍රධාන වශයෙන් කම්කරු පංතියක් පවත්වා ගැනීම ඔවුන්ට අවශ්‍ය ය.


ඔවුන්ට මධ්‍යම පංතිය යනු අත්‍යවශ්‍යයෙන් ම වැදගත් සමාජ බලවේගයක් නො වේ. එය බොහෝ විට නිලධාරීන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා පූර්ව ධනේශ්වර ඉතුරු බිතුරුවලින් සැදුම් ලත් සමාජ ස්ථරයකි. මධ්‍යම පංතිය වැදගත් කාර්යයක් ඉටු කළේ ආර්ථික පෙරමුණේ නො ව බුර්ෂුවා සංස්කෘතික අවකාශයෙහි ය.


එක්සත් ජාතික පක්ෂය එක් යුගයකදී, විශේෂයෙන් ම සේනානායක පිය-පුතු දෙදෙනාගේ හා ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වය යටතේ මෙම ප්‍රධාන පංති බලවේග දෙක ඉතා මැනැවින් කළමනාකරණය කර ගත්තේ ය. එපමණක් නො ව ප්‍රමාණාත්මකව සුවිසල් වූ ගැමි හා ගොවි ජනතාව අතර ද ශක්තිමත් පදනමක් ගොඩනඟාගෙන සිටියේ ය. එජාපය ධනපති පංතියට අවශ්‍ය ආකාරයේ පක්ෂයක් වූයේ එසේ ය. එජාපය දැන් එසේ නැද්ද?


එජාපය අදත් ධනපති පංතියේ අවශ්‍යතා වෙනුවෙන් ඍජුව, නිර්භීත ලෙස හා නිරවුල් අන්දමින් පෙනී සිටියි. එහෙත්, එජාපයේ අර්බුදය වන්නේ එයට පෙර මෙන් කම්කරු පංතිය හා ගැමි-ගොවි පංතිය කළමනාකරණය කර ගැනීමට බැරි වීමයි. එජාපය අතින් රැහැන් ගිලිහී ගිය මෙම සමාජ පංති මහින්ද රාජපක්ෂ පාලනයේ ග්‍රහණයට හසු වී තිබේ. එසේ වූයේ එක්සත් ජාතික පක්ෂය සිය මුල් සිඳ ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එය නායකත්වයේ දෝෂයක් ලෙස සරළ ලෙස පෙන්වා දිය හැකිමුත්, විකල්පය කුමක්දැයි පෙන්වා දීමට නො හැකි තරමට එජාපය නායකත්ව අර්බුදයක ගිලී ඇත.


සත්තකින් ම එය පැහැදිලි පංති අර්බුදයකි. කම්කරු පංතියේ නායකත්ව අර්බුදය ද මේ හා සමගාමී වේ. පශ්චාත් යටත් විජිත ලාංකීය සමාජ ක්‍රමය විසින් එහි පරිණාමයෙන් ම උරුම කර ගන්නා ලද තත්වයන් මෙම ප්‍රතිඵලයට හේතු වී තිබේ.


මහින්ද රාජපක්ෂ පාලනය ධනපති පංතියේ විශ්වාසය දිනාගෙන ඇතැයි කිව නො හැකි ය. ඇත්ත ම කීවොත්, අප උපුටා දැක්වූ ප්‍රකාශයෙහි ඇමති රාජිත සේනාරත්න හෝ එසේ නො පවසයි. එයට හේතුව එය ධනපති පංතිය වෙනුවට ප්‍රමුඛත්වය දෙන්නේ ධනවත් අතරමැදි පංතියකට වීමයි.


කවුරුද මේ ධනවත් අතරමැදි පංතිය? මේ වනාහි රජය අය කරන බදු, ලබා ගන්නා දෙස්-විදෙස් ණය හා රජය බොහෝ විට පාඩු පිට කරන ව්‍යාපාර ආදියෙන් වැටුප්, දීමනා, වරප්‍රසාද, කොන්ත්‍රාත්, කොමිස් හා අයථා මාර්ගවලින් මඩිය තර කර ගන්නා පංතියකි.


ඔවුහු ධනවත් පංතියක් වන මුත් වෙහෙස මහන්සි වී ව්‍යාපාර කරන පිරිසක් නොවෙති. ආණ්ඩු සහයෝගය නැතිනම් ඔවුන්ගේ ලාභයට පැවතිය නො හැකි ය. සදාචාර විරෝධී අන්දමින් හරි හම්බ කර ගන්නා සිය මුදල් අපුල්ලා ගැනීම පිණිස රටින් පිට පන්නන්නේ නැතිනම් ඔවුන් ඒවා වැඩි වශයෙන් ආයෝජනය කරන්නේ රජයට ම ආපසු ඒ මුදල් ණයට දෙන භාණ්ඩාගාර බිල්පත් ආදියෙහි ය.


මෙබඳු සමාජ ස්ථරයක් සැමදා පැවති අතර එය ධනපති පංතිය හා මධ්‍යම පංතිය අතර බෙදුම් රේඛාව ආශ්‍රිතව දෙපැත්තට ම අයිති වෙමින් පැවතුණ හ. එහෙත්, මෑත භාගයේදී සිදු වූ දෙයක් වන්නේ මෙම පංතිය අතිශය බලවත් වීමයි. කම්කරු පංතියේ දෘෂ්ටිවාදීමය හා නායකත්ව අර්බුදය හේතුවෙන් පහළ සමාජ පංතීන් අතර පැතිර ගිය ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය, පුරුෂෝත්තමවාදය වැනි ස්වෝත්තමවාදී පසුගාමිත්වයන්ගේ අවසන් ප්‍රතිඵලය නෙළා ගත්තේ මෙම සමාජ ස්ථරය විසිනි.


මහින්ද රාජපක්ෂ පාලනය අයත් වන්නේ මෙම ධනවත් පංතියටයි. එය වැඩ කරන්නේ ද එම පංතියේ උන්නතිය පිණිස ය. මෙම සංසිද්ධිය ඔප්පු කරන සාධක ඕනෑ තරම් තිබේ. එක් නිදසුනක් වන්නේ, එක් පැත්තකින් ඍජු විදේශ ආයෝජන නොමැතිව ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට මගක් නැතිව, රාජපක්ෂ පවුලේ බැසිල් සහෝදරයාව ඍජු විදේශ ආයෝජන සංවර්ධනය කිරීමේ නව වගකීමට පත් කරන රජය අනෙක් පැත්තෙන් ලංකාවේ සිටින ප්‍රධාන විදේශ ආයෝජකයන් පළවා හරිමින් සිටින ආකාරයයි.


යුද්ධය නිමා වීමෙන් පසු ගත වූ කාලය තුළ කිසිදු කීර්තිමත් විදේශ ආයෝජකයකු ලංකාවේ සුවිශේෂ ආයෝජනයක් කර නැත. ධනවාදී ආර්ථික විද්‍යාව අනුව නම් අවශ්‍ය වන්නේ එවැනි ආයෝජකයන්ට මෙහි පැමිණීමට දිරි ගැන්වීමයි. එහෙත්, රජය කරමින් සිටින්නේ ඉන්න එකාවත් පන්නා ගැනීමයි. ඇපලෝ රෝහල මිළ දී ගෙන, ශ්‍රී ලංකන් ගුවන්‍ සේවයේ එමිරේට්ස් කළමනාකරණය සියතට ගත් මහින්ද රාජපක්ෂ පාලනය දැන් ෂෙල් සමාගම සතු කොටස් ද මිළ දී ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටියි. ප්‍රීමා සමාගම සමග ද නිරන්තර ගැටුම් ය. ධනේශ්වර ආර්ථික විද්‍යාවට මේ කුණුහරුපය තේරුම් ගත නො හැකි ය. එහෙයින් ඔවුහු ආර්ථික කළමනාකරයේ දුර්වලකම් ගැන මළ විකාර දොඩවති. මෙම තත්වය තේරුම් ගත හැක්කේ අප ඉහත දැක්වූ පංති පදනම අනුවයි.


රජය යනු මෙම පාලක කණ්ඩායම විසින් නියෝජනය කරනු ලබන ධනවත් පංතියට රන් බිජු දමන කිකිළියක වැනි මහජන මුදලින් පාඩු පියවිය හැකි මාර ම සමාගමකි. ඔවුන් රජය ශක්තිමත් කරන්නේ හා පුළුල් කරන්නේ එහෙයිනි. ඔවුන්ට අවශ්‍ය ධනපති පංතිය හෙවත් පෞද්ගලික අංශය බලසතු කිරීමට නො ව තමන්ගේ සමාගම වූ රජය අතට තව තවත් ආර්ථික හා දේශපාලන බලය ලබා ගැනීමයි.


රාජ්‍ය ව්‍යවසාය පාඩු ලැබුවා ම මොකද? මහජනයා ඒ වෙනුවෙන් ගෙවති. ඔවුහු සංවර්ධන ව්‍යාපෘතිවලින් ඇස් ගිනි කණ වැටී සිටිති. නැව් නාවත් හම්බන්තොට ලොකු වැඩකි. තමන් නො ගියත්, හිස උඩින් ඇති අධිවේගී මාර්ග නෙතට උළෙලකි.


ධනවත් පංතියේ අවශ්‍යතා සහ ධනපති පංතියේ උවමනාවන් අතර ගැඹුරු වෙනස්කම් තිබේ. අද ධනපති පංතියට සිදු වී තිබෙන්නේ මෙම ධනවත් අතරමැදියන් විසින් ගසා කනු ලබන මහජන මුදල්වලින් කොටසක් හෝ කොටස් වෙළඳපල හරහා ආයෝජන ක්ෂේත්‍රය වෙත ගෙන්වා ගැනීමට උත්සාහ කිරීමටයි.


මේ වනාහි ධනවත් සුළු ධනේශ්වරය ජය කෙහෙළි නංවා සිටින පෙර නො වූ විරූ අන්දමේ විකෘති සමාජ සංවර්ධන අවධියකි. එක්සත් ජාතික පක්ෂයෙන් කරණම් ගැසූ රාජිත සේනාරත්නගේ සිට මනුෂ නානායක්කාර දක්වා පුද්ගලයන් අයත් මෙම පංතියේ අයට විපක්ෂ අසුනක වාඩි වී සිටීමට බැරි තරමට පසුස රත් වන්නේ මේ සිදු වන අලකලංචිය දරා ගැනීමට බැරිවයි.


මහින්ද රාජපක්ෂ පාලනයේ දක්ෂතාව සලකුණු වන තවත් ස්ථානයක් වන්නේ අතරමැදි පංතියේ පහළ ස්ථර කළමනාකරණය කරගන්නට සමත් වීමයි. ඒ සඳහා ඔවුන්ගේ උපාය මාර්ගය වන්නේ නිකම් සිට පුංචි පඩි ගන්නා කාලකන්නින්ගෙන් සහ වෙනත් ව්‍යාපාර කරන පාට් ටයිම්කාරයන්ගෙන් පිරි දැවැන්ත රාජ්‍ය සේවයක් හැදීමයි. එයිනුත් ඉවතට විසි වන ගැමි-ගොවියන්ට පෙහොර සහනාධාර ආදී වෙනත් කටු ලෙවකන්නට දී තිබේ.


අයවැය යන්තම් ගැට ගසා ගන්නේ ඇ‍ඟේ යකඩ ඇණ ගැසුණු ආරියවතීලා වැනි දිළිඳු ගැහැනු වහල් සේවයේ යෙදී මෙරටට එවන ධනයෙනි. එය මදි වන තැනට එන විට සංචාරක කර්මාන්තයවත් දියුණු කර ගත්තොත් අපේ පරිසරය, කළු කෙල්ලන්, කොල්ලන් හා ළමයින් සුද්දන්ට විකුණා හෝ රජය නම් පෞද්ගලික සමාගම ආරක්ෂා කර ගත හැකි වනු ඇත.

Read more...

Tuesday, September 7, 2010


කේ.ඩබ්ලිව්.ජනරංජන
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි කිහිපයක් එහා මෙහා කිරීමෙන් නීතිගත කරගන්නට බලාපොරොත්තු වන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද අතිශය භයානක සංශෝධනයන්ගෙන් ප්‍රමුඛතම එක බවටද පත්වනවා ඇත. එමගින් මෙතෙක් ලංකාවේ පැවැති, ආචාර්ය එන්එම්. පෙරේරා විසින් ව්‍යවස්ථාපිත 'අර්ධ ඒකාධිපතිත්වයක්' ලෙස හඳුන්වන ලද්දා වූ, අතිශය විනාශකාරී, අත්තනෝමතික විධායක ජනාධිපතිධූරය ව්‍යවස්ථීපිත 'පූර්න ඒකාධිපතිත්වයක්' කරා ඔසොවා තැබෙනවා ඇත.

ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යව තිබිණි. විශේෂයෙන් අවුරුදු තිහක් පුරා පැවති වාර්ගික යුද්ධයක් අවසන්වීමෙන් පසු එළැඹුණු නව අවස්ථාවන් රටේ ඉදිරි ගමන සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රතිසංස්කරණ දිශාවට තල්ලුකර ගැනීම සඳහාත්, රටක් වශයෙන් එහෙක් මුහුණ දුන් වාර්ගික ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීම, රටේ යහපාලනය සඳහා විධිවිධාන ඇතිකිරීම, මැතිවරණ ක්‍රමයේ සංශෝධන ඇතිකිරීම, ඉහවහා ගොස් ඇති වංචා හා දූෂණ වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතිකිරීම ආදි වූ අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහාත් සුදුසු විධිවිධාන සහිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යව තිබිණි. ඒ සියල්ලටම වඩා ඉහළින් තිබුණේ යුද්ධය සේ ම අවුරුදු තිහක් තිස්සේ ලංකාවට මහත් විපත් ගෙන ආ, රටේ නීතියට ඉහළින් සිටින අර්ධ ඒකාධිපතියකු බිහි කරන විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම (නැතහොත් නීතියට යටත්වන තත්ත්වයකට එය පත්කිරීම) පිළිබඳ අවශ්‍යතාවයි. යුද්ධයකින් පසු බොහෝ රටවල් කරන්නාක් මෙන් තමාගේ මෙතෙක් ගමන දෙස ආපසු හැරී බලා මේ අවශ්‍යතාවන් ආමන්ත්‍රණය කැරෙන වෙනස්කම් ලංකාවද සිදු කරනු ඇතැ'යි බොහෝ දෙනා බලාපොරොත්තු සහිතව සිටියහ. මහින්ද රාජපක්ෂ මහතාද 2005 දී මහින්ද චින්තනය මගිනුත්, 2010 දී මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළිනුත් මේ වෙනස්කම් සඳහා කැපවන බවට ප්‍රතිඥා දී තිබිණි. කොන්දේසි විරහිතව රාජපක්ෂ මහතා ආරක‍ෂා කළ බුද්ධිමත් සමාජ ස්ථරයන්ද අපේක‍ෂා කළේ, තිස් අවුරුදු යුද්ධයේ 'සාපයෙන්' රට මුදා ගත්තා සේ ඉන්පසු ලංකාව ආසියාවේ නොව ලෝකයේම ආශ්චර්යය බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඔසොවා තබනු ඇති බවය.

මේ ප්‍රතිසංස්කරණවලට ප්‍රවේශ විය හැකි එක් මාර්ගයක් වූයේ පූර්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකට යෑමයි. ඒ සම්බන්ධයෙන්, 2006 දී පත් කරන ලද සර්ව පාක්ෂික සමුළුවද ඇතුළුව රටේ විවිධ ස්ථරවල සෞඛ්‍යමත් සාකච්ඡා ඒ වන විටත් ඇරඹී වැඩි ගොස් තිබුණු අතර, අවශ්‍යව තිබුණේ එම පුළුල් අදහස් සලකා බැලීමකින් පසු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සම්මුතිකාමී එකඟතාවකට එළැඹීමයි. ලෝකයේ පිළිගත් ප්‍රජාතාන්ත්‍රික මූලධර්මවලට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනගන්නේ ඒ ගැන විවෘත, කාර්යක්ෂම, සියලු දෙනාම ඇතුළතට කැඳවාගත් සාකච්ඡා මාලාවක් හරහාය. ඉන්දියාව, දකුණු අප්‍රිකාව, වැනි රටවල් සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය සඳහා අවුරුදු ගණන් කාලය වැය කොට තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වූ විගසම, රටේ ගැටලුවලට පිළියම් යොදන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූයේය. රාජපක්ෂ සාරයක් ගැන විශ්වාසය තැබුවෝ වර්ණනා කළෝ, ජනාධිපතිවරයා එහෙක් නොතිබූ විශිෂ්ට සම්ප්‍රදායයක් ඇතිකරමින් සම්මුතිකාමී දේශපාලනයක් ආරම්භ කොට ඇති බවය. එහෙත් මහජන මුදල් වැයකරමින්, සාකච්ඡාවාර පවත්වමින්, සර්ව පාක්ෂික කමිටුව විසින් කෙටුම්පත් කර ජනාධිපතිවරයාට භාර දෙන ලද, බොහෝ දුරට ඉදිරිගාමී වූ ආණ්ඩුක්‍රම යෝජනාවලියට අවසානයේ හිමිවූයේ අරලියගහ මන්දිරයේ කුණුමුල්ල ය. ඒ අතර, 2006 අගභාගයේදී රටේ වැදගත් වෙනස්කම් සඳහා එක්ව වැඩකිරීමට එක්සත් ජාතික පක්ෂය හා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට පයින් ගසමින් එම පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ආණ්ඩුවට එකතු කර ගන්නා ලදී. පසුගියදා නැවත වාරයක් ආණ්ඩුක්‍රම වෙනස්කම් ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරනු ලැබිණි. රනිල් වික්‍රමසිංහ මහතා එහි ගියේ පක්ෂය තුළමත් ඒ පිළිබඳ විරෝධතාවක් නැගෙමින් තිබියදීය. මහින්ද රාජපක්ෂඹ මහතාගේ දේශපාලන භාවිතාව ගැන අත්දැකීම් ඇත්තවුන් මේ සාකච්ඡා දෙසද අවඥාවෙන් බලන ලද මුත්, නැවත වාරයක් ඔහු සම්මුතිකාමී දේශපාලනයක ආදර්ශයක් අරඹා ඇතැ'යි වර්ණනාවට ලක් කරන ලදී. ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා ජනතා විමුක්ති පෙරමුණටද සාකච්ඡා සඳහා එක්වන ලෙස ව්‍යාජ ආරාධනාවක් කළේය. ඒ හාස්‍යජනක සාකච්ඡා වටයෙන්ද නැවත තහවුරු වූයේ තමාගේ බලෝන්මාදයෙන් යුත් න්‍යාය පත්‍රයම ක්‍රියාත්මක කරන්නට මාර්ග සොයනවා හැරෙන්නට කිසිම සම්මුතිකාමී දේශපාලන වැඩපිළිවෙළකට මහින්ද රාජපක්ෂ මහතා සූදානමක් නැති බවය. අවසානයේ සිදුවූයේ, එක්සත්ජ ජාතික පක්ෂය සමග විහිළු කතා කියද්දී, ව්‍යාජ සම්මුතිකාමයක් පෙන්නුම් කරද්දී, තමා විසින් රහසේ කොටුම්පත් කරමින් තිබූ අතිශය භයානක ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනයක් හදිසි පනත් කෙටුම්පතක් ලෙස ඉදිරියට ගැනීමය.

ලංකාවටම ආවේණික මේ හදිසි පනත් කෙටුම්පත් ක්‍රමය, ජනාධිපති ඡේ.ආර්. ජයවර්ධන විසින් මහජනතාව අතර ප්‍රමාණවත් අවධානයකට ලක්නොකොට සිය මර්දනීය අණපනත් පස්සාදොරෙන් සම්මත කර ගැනීම සඳහා නිර්මාණය කළා වූ උපක්‍රමයකි. හදිසි පනත් කෙටුම්පතක් නීතිගත වන්නේ සාමාන්‍ය පනත් කෙටුම්පතක් ආකාරයෙන් නොවේ. සාමාන්‍ය පනත් කෙටුම්පතක්, පළමුව ගැසට් පත්‍රයේ පළකිරිම සිදු වෙයි. එවිට රටේ මහජනතාවට ගැසට් පත්‍රය කියවීමෙන් කරන්නට යන වෙනස්කම් ගැන අවබෝධයක් ලැබෙන අතර ඊට එරෙහිවන්නෝ වෙත් නම්, ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් එම පනත් කෙටුම්පතේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කිරීම අවස්ථාවක් හා කාලයක් ලැබේ. එහෙත් හදිසි පනත් කෙටුම්පතක් ගැසට් කැරෙන්නේ නැත. එය ජනාධිපතිවරයා විසින් ඍජුවම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යැවෙන අතර, සාමාන්‍යයෙන් පැය විසිහතරක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි නීතිමය තත්ත්වය සලකා බලා, ඒ ගැන ජනාධිපතිවරයාට හා කතානායකවරයාට පමණක් දැනුම් දෙනු ලැබෙයි. මෙවැනි හදිසියක් නිර්මාණය කොට තිබෙන්නේ ඇත්ත වශයෙන්ම මහජන අවධානයට ලක් නොකොට තමන්ට අවශ්‍ය නීති රහසේම සම්මත කර ගැනීමට ආණ්ඩුවකට ඉඩක් ලබා ගනු පිණිසය.

18 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ද මේ නරක විධිවිධාන උපයෝගී කරගනිමින් අතිශය රහසේ ඉදිරියට ගන්නා ලද්දකි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙනු ලබන වැදගත් වෙනස්කම් ප්‍රමාණවත් සාකච්ඡාවකට විවෘත කරන්නේ නැතිව මෙලෙස රහසේ සම්මත කරන්නේ ඇයිදැ'යි යන ප්‍රශ්නයට ඇමතිවරුන්ගේ විහිළු කතා මිස ආණ්ඩුවේ කිසිම වැදගත් පිළිතුරක් නැත. පසුගිය 30 වැනි අඟහරුවාදා විශේෂ ඇමති මණ්ඩල රැස්වීමක් කැඳවා ඉදිරිපත් කරන තෙක් ආණ්ඩුවේ වැදගත් ඇමතිවරුන් පවා මේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැන දැන සිටියේ නැත. මෙය හදිසි පනත් කෙටුම්පතක් ලෙස සම්මත කළ යුතුයැ'යි එදින ඇමති මණ්ඩලය විසින් තීරණය කිරීමෙන් පසුව ඒ ගැන නීතිමය තත්ත්වය සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යවන ලදී. එදින රාත්‍රියේ කෙටුම්පත ගැන තොරතුරු ලැබි ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යන දේශපාලන පක්ෂ හා නීතිඥ ලාල් විඡේනායක, ආචාර්ය රොහාන් එදිරිසිංහ හා ලියුම්කරු ඇතුළු පිරිසක් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, ක්‍ර්‍රිශාන්ත වැලිඅමුණ, සාලිය පීරිස්, ක්‍රීෂ්ණමාල් විඡේසුරිය හා විරාන් කොරෙයා යන සිය නීතිඥවරුන්ගේ සහ ඔවුන්ගේ කනිෂ්ඨ නීතිඥවරුන්ගේ දැඩිතර මහන්සියට පින්සිද්දවන්නට පසුදා උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් පනත් කෙටුම්පත තුනෙන් දෙකකින් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත කරගන්නා ලෙස නියම කරන හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ. පසුව ග්‍රවුන්ඩ් වීව්ස් වෙබ් අඩවිය ඇමතූ රොහාන් එදිරිසිංහ මහතා කියා සිටියේ, එම ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයේදී නීතිපතිවරයා රජය වෙනුවෙන් කරුණු දක්වන්නට පටන්ගත් පසු, ඒ වන විට තමන්ට ලැබි තිබුණේ සංශෝධනයේ අවසාන කෙටුම්පතක්වත් නොවන බව අවබෝධවන්නට පටන් ගත් බවයි. එසේම විභාගය අතරතුරදී නීතිපතිවරයාගෙන් අවසාන කෙටුම්පතක් තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටින්නටද සිදුවූ බවයි. ආණ්ඩුක්‍රම වෙනස්කම් ගැන තමන් සමග සාකච්ඡා කළ එක්සත් ජාතික පක්ෂයට පවා ආණ්ඩුවෙන් මේ කෙටුම්පත ලැබෙන්නේ ඉරිදා සවස ය. එයද අසම්පූර්ණ අතිශය සංක්ෂිප්ත කෙටුම්පතකි. මේ ක්‍රියාවලියෙන් මනාව පැහැදිලි වන්නේ රටටම වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කමක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් සම්මත කරගන්නට සූදානම් වන නින්දිත කපටි ආකාරයයි.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ අතිශය භයානක එකක් බව අප කියන්නේ එමගින් මේ රට පූර්ණ ඒකාධිපතියකුගේ පාලනයට යටත් කරන බව පැහැදිලි වන නිසාය. රටේ සංවර්ධනයට එවැනි බලතල සහිත නායකයකු අවශ්‍ය බවටත්, මහින්ද රාජපක්ෂ මහතාගේ ජනතාවාදී චරිත ස්වබාවය විසින් මේ බලතල රටටත් ජනතාවටත් යහපතක්ම කරනු පිණිස යොදා ගනු ඇති බවටත් පළකැරෙන වාගාලාපයන් නිසැකවම බොරු වන බව නොබෝ කලෙකින්ම වැටහෙනවා ඇත.

ඡේ.ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපතිධුරය නීතියට ඉහළින් සිටින කිසිම පාලනයකට හසුවන්නේ නැති, තමන් යටතේ තිබෙන රාජ්‍ය යාන්ත්‍රණයේ දැතිරෝද තමන්ට වුවමනා ආකාරයට කරකැවීම සඳහා අර්ධ ඒකාධිපතියකුට හිතුවක්කාර බලයක් දෙන භයානක එකකි. මේ අසීමිත බලය තුළ පුද්ගල හොඳ නරක විසින් කරන බලපෑමක් නැත. ඕනෑම යහපත් පුද්ගලයකු මේ බලය තුළ ආඥාදායකයකු බවට පත් වන්නේය. එය වැළැක්වීමට සමත් කිසිම යාන්ත්‍රණයක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නැත. පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග යෝජනාවක් මගින් ජනාධිපතිවරයාට අභියෝගයක් එල්ල කළ හැකියැ'යි සඳහන් වුවත් එය කිසිම ප්‍රායෝගික බලයක් නැති අංගවිකල ක්‍රියාමාර්ගයකි. එවැනි තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයකුගේ හිතුවක්කාර පාලනයක් දිගු කලක් පැවතීම කිසියම් ආකාරයකින් හෝ නවතාගැනීමට තිබුණු එක් තිරිංගයක් වූයේ එක් පුද්ගලයකුට දෙවරකට වඩා එම ධුරය දන්නට බැරි බවට වු කොන්දේසියයි. දැන් රාජපක්ෂ ආණ්ඩුව ඉවත් කිරිමට යන්නේද ඉතිරිව තිබූ එම එකම තිරිංගයයි. එපමණක් නොවේ, වඩාත් භයානක වන්නේ, ඒ සෑම ධුර කාලයක් තුළදීම, අවුරුදු හතරක් ඉක්ම ගිය පසු, තමන් කැමති වේලාවක ජනාධිපති වරණයක් කැඳවා තවත් අවුරුදු හයක් සඳහා තේරී පත් වීමට සංශෝධනය මගින් ජනාධිපතිවරයාට බලය ලබාදීමයි. එමගින් අවුරුදු හතරක් ගිය තැන, තමාට ඉතාමත් වාසිදායක අවස්ථාවක, විපක්ෂය දුර්වල වූ දුර්වල කරන ලද අවස්ථාවක, සමහර විට ජනතාවට ව්‍යාජ සහනයන් ලබා දී හෝ ව්‍යාජ බියක් මවා පා ඡන්දය ලබාගෙන ජනාධිපතිධුරයට පත්වීමට හැකි නින්දිත දේශපාලන සූදුකාරයකු බවට ජනාධිපතිවරයා පත්කැරෙයි. ලෝකයේ කිසිම ශිෂ්ට රටක එක් පුද්ගලයකුට අසීමිත ලෙස රාජ්‍ය නායකකම දරන්නට අවස්ථාව ලබාදෙන්නේ නැත. එසේ කර ඇත්තේ ඒකපුද්ගල ආධිපත්‍යයකට රටක් දිගින් දිගටම යටත්වීම වළක්වා ලනු සඳහාත්, එමගින් අත්තනෝමතික පාලනයක් බිහිවීම වළක්වනු සඳහාත් ය.

විශේෂයෙන් ලෝකයේ ශිෂ්ට සම්පන්න රටක නොමැති අන්දමේ අශිෂ්ට සම්පන්න විධායක ජනාධිපතිධුරයක් තිබෙන ලංකාවේ ඒ ජනාධිපතිධුරයේ වාර ගණන අසීමිත කිරීම වූ කලි, ඒ රටේ මිනිසුන්ගේ නිදහස එක් පුද්ගලයකුගේ ඕනෑ එපාකම් සඳහා භයංකර ලෙස පාවාදීමකි. මහින්ද රාජපක්ෂ මහතාත්, ඔහුගේ ආණ්ඩුවත් ලංකාව ගෙනයමින් සිටින්නේ එවැනි අශිෂ්ට සම්පන්න අවකාශයකටය.

විධායක ජනාධිපති වරයාට මුළුමහත් රාජ්‍ය යාන්ත්‍රණයම රිසි සේ හැසිරවිය හැකි තත්ත්වයක් තුළ සෑම ජනාධිපතිවරණයකටම එවකට ධුරයේ සිටින්නා තරග වදින්නේ ආරම්භයේ සිට නොව ගව් ගණනක් ඉදිරියෙන් සිටිමිනි. ජනාධිපතිවරණයක් පැවැත්වෙන විට, කැබිනට් මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවේම බලය තිබෙන්නේ ඔහු අතේය. එවැනි පසුබිමක විපක්ෂ අපේක්ෂයකුට ජනාධිපතිවරණයක් ජයගත හැක්කේ ආශ්චර්යකින් පමණි. ඒ අනුව බලයේ සිටින්නාට හිතුමතේ තමන් කැමති වාරයක් පත්වීමටද, තමාගෙන් පසු තමා කැමති අනුප්‍රාප්තිකයකුට අවස්ථාව ලබාදීමටද හැකිවන්නේය. එලෙස දිගින් දිගටම ජනාධිපතිධුරයට පත්වන්නා ගැලවුම්කාරයකු වෙනුවට විනාශ කරන්නකු වුවහොත් ඇති විය හැකි අවදානම දැන් කිසිවකු තක්සේරු කරන බවක් පෙනෙන්නට නැති නමුත්, අනාගතයේදී පෙනෙන්නට පටන්ගන්නවා ඇත්තේය.

මේ භයානක තත්ත්වය වසංකර සීනි තැවරීමට මේ සංශෝධනයේදී පාවිච්චි කර ඇත්තේ ජනාධිපතිවරයා 'අනිවාර්යයෙන්ම' මාස තුනකට එක් දවසක් පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දී පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වන විහිළුකාර ප්‍රතිපාදනයකි. රටේ අර්ධ ඒකාධිපති නායකයාද, පාර්ලිමේන්තුව තමන්ට රිසි ආකාරයෙන් හැසිරවිය හැකි විසුරුවාහැරිය හැකි බලය තිබෙන පුද්ගලයාද වන ජනාධිපතිවරයා මාස තුනකට එක් දිනක් බැගින් අවුරුද්දට දින හතරක් පමණක් පාර්ලිමේන්තුවට පැමිණ කැමරා එළි මැද සතුටු සාමිචියේ යෙදී එහි දිවා ආහාරය වළඳා ගිය පමණින් ඇතිවන 'පාර්ලිමේන්තුවට වගකීමේ' තත්ත්වය කුමක්දැ'යි පැහැදිලි කළ හැක්කේ ස්වාමියාගේ හඬම පුනරුච්චාරණය කරන සුසිල් ප්‍රේම්ජයන්ත, නිමල් සිරිපාල වැනි දේශපාලනඥයන්ටම පමණි.

මේ සංශෝධනයේ තවත් භයානක අංගයක් වන්නේ 17 වැනි සංශෝධනයට අත්කරදී තිබෙන කනගාටුදායක ඉරණමයි. 17 වැනි සංශෝධනය එහි කවර අඩුපාඩුකම් තිබියේ වුවද, මේ රටේ රාජ්‍ය සේවය නිර්දේශ පාලනීකරණය කිරීමට වැදගත් පියවරක් තැබූ සංශෝධනයකි. එහි අඩුපාඩුකම් තිබුණේ නම් කළ යුතුව ඇත්තේ ඊට වඩා හොඳ එකක් ගෙන ඒමය. එහෙත් මේ සංශෝධනයෙන් කර ඇත්තේ රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය වෙනුවට මුළුමනින්ම ජනාධිපතිවරයාගේත් ඔහුගේ ඇමති මණ්ඩලයේත් දේශපාලන බලපෑමට යටත් කිරීමය. 17 වැනි සංශෝධනය යටතේ අධිකරණය ඇතුළු රටේ වැදගත් ස්වාධීන තනතුරුවලට පුද්ගලයන් පත්කිරීම කැරුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නම් සාමාජිකයන් දහ දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන මණ්ඩලයක සහභාගීත්වයෙනි. සමහර පත්වීම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නාම යෝජනා අනුව ජනාධිපතිවරයා විසින් කළ අතර, අනෙක් පත්කිරීම් ජනාධිපතිවරයාගේ නාම නිර්දේශයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස අගමැති, කතානායක, විපක්ෂ නායක නිල බලයෙන් සිටි නමුත්, ඉතිරි හත්දෙනා ස්වාධීන, ගරු කටයුතු පුද්ගලයන් අතුරෙන් පත්කරගන්නට විධිවිධාන තිබිණි. එහෙත්, සිය පාලන කාලයේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ බලලෝභීත්වය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙන්ම අනෙකුත් ස්වාධීන කොමිෂන් සභාද හිතාමතාම බලරහිත කරන ලදී. දැන් මේ සංශෝධනයෙන් යෝජනා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පස්දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු සභාවක් පත්කරන්නටය. එයට අගමැති, විපක්ෂ නායක, කතානායක, අගමැති හා විපක්ෂ නායක විසින් පත්කැරෙන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු යන පස්දෙනෙක් අයත් වෙති. බැලූ බැල්මටම මේ සංයුතියේ වැඩි බලය (3ක්) ඇත්තේ ආණ්ඩුවටය. ඉතින් මේ සභාව ස්වාධීන වන්නේ කෙසේද? විපක්ෂය නායකයාටත්, ඔහු පත්කරන අනෙක් මන්ත්‍රීවරයාටත් කළ හැක්කේ කුමක්ද? එපමණක් නොවේ. අගවිනිසුරු, ඉහළ අධිකරණ විනිසුරුවරු, ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත්කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඇත්තේ ජනාධිපතිවරයාටය. ඔහුට 'අවශ්‍ය නම් පමණක්' ඉහත කී පාර්ලිමේන්තු මණ්ඩලයෙන් විමසිය හැකිය. ඉතින් එවැනි මණ්ඩලයක් පවතින්නේ කුමකටද?

මේ ආකාරයට 18 වැනි සංශෝධනය විසින් යෝජනා කරන වෙනස්කම්වලින් ඇත්ත වශයෙන්ම රටේ යහපතට හේතුවන්නේයැ'යි කිව හැකි එකුදු විධිවිධානයක් හෝ හමු නොවේ. එහි සාරාර්ථය වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හැකි තාක් කාලයක් ජනාධිපතිධුරයේ තබාගැනීමත්, ඔහුගේ දෑත් ඒකාධිපති බලයෙන් ශක්තිමත් කිරීමත්, ඔහුට සහ ඔහුගේ සමීපතමයන්ට අවශ්‍ය පරිදි රට පාලනය කිරීමත්, ඔහුගෙන් පසු ඔහු කැමති අනුප්‍රාප්තිකයකුට රට භාරදීමත් අරමුණු කරගෙන ගෙන එන ලද රටේ පොදු වුවමනාවන්ට සපුරා පටහැනි මුළුමනින්ම රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් බවට එය පත් වනු ඇති බවයි.

මෙවැනි අසීමාන්තික අත්තනෝමතික බල ව්‍යුහයක් තුළ විරුද්ධ මතයන්ට ඉඩක් ඇත්තේ නැත. එනයින්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ආදියට රටේ විරුද්ධ මතයක් දැරීමට තිබෙන ඉඩකඩ අසුරා දැමෙනු ඇත. උද්ඝෝෂණ, විරෝධතා, පාගමන් ආඥාදායක විධායක බලයෙන් පොඩිපට්ටම් කැරෙනවා ඇත. දිගින් දිගටම එකම පාලකයකු යටතේ ඔහුට කීකරුව ඔහුගේ වුවමනා එපාකම් පිරිමසමින් නිවටව සිටිනවාද, නැත්නම් විරුද්ධ වී විනාශ වනවාද යන දෙකෙන් එකක් පමණක් තෝරා ගැනීමට කාහටත් සිදුවනු ඇත. විරෝධයක් පළකරන්නට, දුකක් කියන්නට, යුක්තියක් ඉල්ලන්නට තැනක් නැතිව යනවා ඇත. ව්‍යවස්ථාදායකය හා අධිකරණයද පවතිනු ඇත්තේ පූර්ණ ඒකාධිපතියකුගේ බල පරාක්‍රමයට යටත්ව ය. මේවාට වඩා වෙනස් 'යහපත් දේවල්' මේ අසීමිත බල අධිකාරය තුළ බලාපොරොත්තු විය හැක්කේ දුරදිග නොසිතන්නනන්ට හා අවස්ථාවාදීන්ට පමණය.

මේ සංශෝධන කරළියට ගෙන ඒම හරහා නිරුවත් වන තවත් පිරිසක් සිටිති. ඒ අපේ ඇමති මණ්ඩලයයි. කියනා වචනවලට අනුව නම්, ඔවුන් අතර ආචාර්ය මහාචාර්යවරුද, බුද්ධිමත්හුද, රටේ බහුතරයක් විනිසුරන්ගේ ගුරුවරුද, මහා ලිබරල් ප්‍රාඥයෝද, මහා ප්‍රජාතන්ත්‍රවාදීහු ද අඩුවක් නැත. එහෙත් මේ කිසිවකු මේ භයානක ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව වචනයක්වත් කී බවක් අප දන්නේ නැත. විරුද්ධ වීමට කොන්දක් තිබූ එකම පිරිස ආණ්ඩුවේ වාමාංශික මන්ත්‍රීවරුන් පස්දෙනා පමණෙකි. මේ ව්‍යවස්ථා සංශෝධනය නීතිගත වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මිනිස් අයිතිවාසිකම් විෂයයෙන් අප වැටෙන්නට නියමිත අඳුරු අගාධය ගැන තක්සේරු කරගන්නට තරම් දැනුම් වපසරියක් හෝ වුවමනාවක් තමන්ට නැතියේ වුවද, අඩු ගණනේ තමන් විෂයෙහිවත් සිදුවිය හැකි ආපදාවන් සලකා බලා මේ සංශෝධනයට විරුද්ධ වීමට අයිතියක් ඔවුනට තිබුණි. තවමත් තිබේ. මේ සංශෝධන මත අනාගතයේ මේ රටේ පවතිනු ඇත්තේ රාජපක්ෂ රාජපරම්පරාවක් පමණෙකි. මෙතෙක් කල් අප්‍රසිද්ධියේ තිබුණු ඒ මතයට දැන් නීතිමය බලයක්ද ලැබෙන්නේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අඩුගණනේ තවත් දශක දෙකක්වත් රාජ්‍යය විචාරා නික්ම යනු ඇත්තේ ඔහුගේ පවුලේ අනුප්‍රාප්තිකයකුට ඉඩ සලසා දී මිස අවශේෂ මැති ඇමතිවරුන්ගේ සමීප තමයන්ට මඟ පාදා නොවේ. එනයින් අනාගතයේ සැලකිය යුතු යුගයක් වෙන්කළ යුතු වන්නේ රාජපක්ෂ පවුල් පාලනයටය. මේ මැතිඇමතිවරුන්ට පමණක් නොව ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන්ටද සිදු වන්නේ අද මෙන්ම ඉහළින් දෙන දෙයක් ගෙන ඡායාරූපවලට සතුටු පෙනුමකින් යුක්තව මුහුණ දී දිවි ගෙවීමටය. එවැනි ඒකාධිපති පාලනයක් තුළ පුද්ගල දක්ෂකම්, කුසලතාවන්, බුද්ධිය හා දාර්ශනික ඉදිරි දැක්මක් වෙනුවෙන් ඉඩක් නැත. ඇත්තේ, පාවාදීම්, යටහත්වීම්, පානැමදීම්වලට වරදාන පමණකි. ඉතින්, රටටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත්, මූලික මිනිස් අයිතිවාසිකම්වලටත් යහපතක් වන ආණ්ඩුක්‍රම වෙනසක් වෙනුවෙන් වෙහෙස වනු පිණිස කශේරුකාව කෙළින් තබාගන්නවාද, නැත්නම් 18 වැනි සංශෝධනයට අත උස්සා රටේත්. ප්‍රජාතන්ත්‍රවාදයේත්, යහ පාලනයේත්, අවසානයට දායක වනවාද යන කඩඉම් ප්‍රශ්නයට මුහුණ දීමට ඔවුන්ට ඇත්තේ තවත් ඉතා කෙටි කලෙකි. අඩු ගණනේ ජනාධිපතිවරයාට සමීප වී, මේ කරන්නට යන මහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විනාශයෙහි ආදීනව ගැන ඔහුට පැහැදිලි කරදී රට අත්තනෝමතිකභාවයේ හස්තයෙන් ගලවාගැනීමට හැකියාවක් හා වුවමනාවක් ඔවුන්ට ලැබේවා'යි අපි ප්‍රාර්ථනා කරමු. මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ නායකයා ලෙස තවදුරටත් තබාගැනීමට ඔවුන්ට තිබෙන වුවමනාව තේරුම් ගැනීම අපට අපහසු නැත. එහෙත්, දැනටමත් අනුත්තර නායකත්වයේ ඉන්නා ඔහුට මේ තරම් අවදානම් බලතල රාශියක් තවදුරටත් එකතුකර දිය යුත්තේ ඇයි ද යන්න නැවතත් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුය.

අනෙක් අතට බිම් මට්ටමේ ශ්‍රීලනිප පාක්ෂිකයන්ටද මේ උදාවී ඇති මොහොතෙන් ගැලවී යා නොහැකිය. ඡේ.ආර් ජයවර්ධනගේ කෛරාටික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ අවුරුදු 17ක් තුළ ඔවුන් විඳි පීඩනය ඔවුනට මතක තිබෙනවා ඇත. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි බලය යොදා ගනිමින් හිතූ හිතූ සංශෝධන ගෙනඑමින් තමන් අතට සියලු බලතල කේන්ද්‍රගත කරගනිමින් ඡේ.ආර්. එදා කළ දේ නිසා පක‍යක් ලෙස යළි බලය ලබාගන්නට දරන්නට වූ මහන්සිය ඔවුන්ට මතක තිබෙනවා ඇත. 1994 දී ඒ අඳුරු යුගය අවසන් කිරීමට ඔවුනට හැකිවූයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කැපවූ බොහෝ පිිරිස් එදා ඔවුන් සමග අත්වැල් බැඳගත් ද නිසාවෙන් මිස තනි පක්ෂයක් ලෙස කටයුතු කිරීමෙන් නොවේ. දැන් මේ 18 වැනි සංශෝධනය නීතිගත වුවහොත් දිගුකාලීන රාජපක්ෂ පාලනයක් ගැන බලාපොරොත්තු තබාගත හැකි බව ඇත්තකි. එහෙත් ඒ පාලනය ගිලිහී යන්නේ කොයි මොහොතකද යන්න ගැන ගණන් හැදීමද අසීරුය. බලය සදාකාලික නැත. කවදා හෝ මේ අසීමිත බලය සහිත වෙනත් පක්ෂයක් බලයට පත්වුවහොත්, මේ සංශෝධනවලින් ලැබෙන බලය පාවිච්චි කැරෙන ඒ අසීමිත හිතුවක්කාර අනාගත රාජ්‍ය පාලන කාලය තුළදී තමන්ට හා තමන්ගෙන් පැවතෙන්නට විඳින්නට විය හැකි ගැහැට ගැනවත් ඔවුන් කල්පනා කළ යුතුය. එනයින් තමන්ගේ දේශපාලන නියෝජිතයන්ට මේ ප්‍රතිසංස්කරණවල භයානක කම ගැන බලපෑම් කළ යුතුය. මේවාට විරුද්ධ වීමේ අවශ්‍යතාව අවධාරණය කළ යුතුය.

අනෙක් අතට 18 වැනි සංශෝධනය විසින් ඇති කරන අසීමිත රාජ්‍ය බලය, ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් වෙනත් කෙනකු හෝ පක්ෂයක් වෙත පාලනය මාරුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම වසාදමනු ඇත්තේය. ඉදිරි හැම මැතිවරණයකදීම, ජනාධිපති වරණයකදීම එක් පක්ෂයක් හෝ සභාගයක්, එක් පුද්ගලයකු පමණක් දිගින් දිගටම තේරී පත්වීම පමණක් සිදුවනු ඇත්තේය. ඉන් සිදුවන අනෙක් හානිය නම්, රටේ ප්‍රජාතන්ත්‍රවාදී බල වෙනසක් ගැන ඇති විශ්වාසය නායයෑමයි. තමන්ට බලය ගැනීමට, අයිතිවාසිකම් දිනාගැනීමට ඇති සාධාරණ අවස්ථාවන් ගිලිහී ගිල කල්හි ඇතිවන නියත ප්‍රතිඵලය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන උපක්‍රමවලින් බලය ලබාගැනීමට පුද්ගලයන් හෝ සංවිධාන ඇදීයෑමේ සාධාරණ ඉඩකඩක් ඇතිවීමයි. අපේ නායකයන්ගේ බලෝන් මත්තක ක්‍රියා හේතුකොට ගෙන නිර්මාණය වු අතිශය විනාශකාරී කැරලි තුනක සාක්ෂිකරුවන් වන අපට ඒවාටත් වඩා සිය ගුණයකින් විනාශකාරී කැරැල්ලක් මේ රට තුළ නැවත වාරයක් ඇති කර ගැනීමට වුවමනාව තිබෙන්නේද? එසේ නැත්නම් විධායක ජනාධිපතිධුරය නම් ඒකාධිපති පිළිලය මුලිනුපුටා දමා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්මයන්ට අනුගත වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකට යන්නට අප සූදානම්ද?

එළැඹෙමින් තිබෙන්නේ ඒ අතිශය තීරණාත්මක තීරණය ගත යුතු මොහොතයි. අවාසනාවකට, මේ තරම් බියකරු අවස්ථාවක් එළැඹ තිබෙද්දීත් ඒ ගැන නිසි සාකච්ඡාවක්, විවාදයක්, සංවාදයක් කරන්නට එළැඹෙන බහුතරයක් නැත. මැතිවරණ කාලයේ දිවා රෑ නැතිව වාචාල දේශපාලකයන්ගේ තුට්ටු දෙකේ වාගාලාපයන්ට සිය ගුවන් කාලය නොමසුරුව වැය කළ එකුදු විද්‍යුත් මාධ්‍යයක්වත් මේ බැරෑරුම් ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්නට පැය කාලක් වෙන් කරන බවක් පෙනෙන්නේ නැත. ආණ්ඩුවේත්, ආණ්ඩුවේ නොවනත් පුවත්පත් ආණ්ඩුවේ අදහස්ම පිටු ගණන් පුනරුච්චාරණය කරනවා මිස වෙනස් මතයකට ඉඩක් දෙන්නේ නැත. තමන් විරුද්ධ වන්නේත් නැත. සියල්ලෝම ස්වෙච්ඡාවෙන් නිහඬව සිටිමින් ලංකාව (මාතෘභූමිය!) අනාගත අඳුරකට ඇදගෙන යෑම සඳහා හැකි පමණින් දායක වෙමින් සිටිති. මේ දේවල් ගැන හැමදාමත් කැක්කුමක් තිබුණු පිරිස් පමණක් තැනින් තැන අවදියෙන් සිටිති.

මහත්වරුනි, අපි ඒ ගැන නොසලකන්නෝ වෙමු නම්, මේ අවදානම ගැන යථාර්ථවාදී තක්සේරුවක් කොට 18 වැනි සංශෝධනයට හැකි වෙර යොදා එරෙහි නොවන්නෙමු නම්, ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශයෙන් බැටකන මේ රටේ අනාගත පුරවැසියන්, රටේ නායකයන් ලෙසට පමණක් නොව, පුරවැසියන් හැටියටද අද සිටින අපේ මුහුණුවලට කෙළ ගසා අවමන් කරනු ලැබීමෙන් වළකාලන්නට හැකි වන්නේ නැත.

[රාවය- 2010.09.05]

Read more...

Thursday, September 2, 2010

18 වැනි සංශෝධනය ගැන සාමය හා මානව හිමිකම් සදහා ක්‍රියාකාරිත්වයේ ප්‍රතිචාර දැක්වීමක්


මේ වන විට ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කිරිම ට යන 18 වැනි සංශෝධනය ගැන යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබ ශ්‍රේෂ්ඨාධිකරණය ට යොමු කරනු ලදු ව ජනමත විමසුමකින් තොර ව පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියෙන් සම්මත කරගැනිමේ නිත්‍යානුකූලභාවය තහවුරු කොට පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කිරිම ට සූදානම් ව තිබේ. මේ මස 8-9 දිනවල දි මෙය සාකච්ඡාව ට බදුන් කොට සම්මත කර ගැනීම ආණ්ඩුවේ සැලසුම වි තිබේ.


මෙම සංශෝධන යෝජනාව මගින් අපේක්ෂා කරන්නේ මොනවාද ? කැබිනට් පත්‍රිකාව අනූව ඒවා මෙසේ වනු ඇත;


(!) එක ම පුද්ගලයකු ට ජනාධිපති ධූරය සදහා පත් විම ගැන පනවා තිබූ දෙවතාවේ සීමාව සහිත 31(2) ඉවත් කෙරේ.


(2) ජනාධිපතිවරයා මාස තුනක ට වරක් පාර්ලිමේන්තුව ට සහභාගි විමේ අවශ්‍යතාවය නිතිගත කෙරේ.


(3) 17වන සංශෝධනය මගින් පිහිටුවන ලද 'ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව' අගමැති, කතානායක, විපක්ෂනායක හා ඔවුන් නියෝජනය කරන ජාතින් ට අයත් නොවන, අගමැති හා විපක්ෂ නායක විසින් පත් කරනු ලබන තව දෙදෙනෙකු දක්වා සංයුතියෙන් අඩු කෙරෙන අතර සියළුම කොමිෂන් සභා සහ අනෙකුත් නිලයන් පත් කිරිමේ බලය ජනාධිපතිවරයා සතු වේ; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විමසිම පමණක් ප්‍රමාණවත් වේ.


(4) පොලිසිය ද ඇතුළත් රාජ්‍ය සේවය සම්බන්ධ සියළුම බලතල අමාත්‍ය මණ්ඩලය සතු වේ.


මෙම සංශෝධනයන් ජනතා පරමාධිපත්‍යය සහ රටේ ස්ථාවරත්වය තහවුරු කිරිම සදහා ගෙනෙනු ලබන බව ආණ්ඩුව සහ ඊට පක්ෂපාතී බලවේගවල තර්කය වි තිබේ.


රාජ්‍යයක් සතු ව අතිවිශාල බලයක් ඇති අතර දේශපාලන විද්‍යාවේ දී අපි එය 'ස්වාධිපත්‍යය' ලෙස හදුන්වමු. මේ යටතේ පුරවැසියකුගේ ජිවිතය අවසන් කිරිම සදහා වුව ද ප්‍රශ්න කළ නොහැකි ආකාරයේ බලයක් රාජ්‍යය සතු ව ඇතැයි ද, ආණ්ඩුව විසින් එම බලය ක්‍රියාත්මක කරනු ලබන්නේ යයි ද එකගතාවයක් පවතී. දැන් ප්‍රශ්නය මේ 'එකගතාවය' කා අතර ද? එය අහසින් එන්නක් නොවේ; පොෙලා් ගැබ තුළින් එන්නක් ද නොවේ; ලිබරල්වාදයේ ආදිකර්තෘන් විසින් අවධාරණය කරන ලද ආකාරය ට එය ජනතාව අතර ඇති වු සම්මුතියකින් එන්නකි. ජනතාව විසින් මේ සා බලයක් රාජ්‍යය ට හිමි කර දි ඇත්තේ මන්ද? තමන් එකිනෙකා අතර- සමාජය තුළ ඇති වන ගැටළු පොදු සම්මුතියක් මත විසදා ගැනිම සදහා ය. එනම් මේ බලයේ මූලික උල්පත ජනතාවය. ලංකාව කොතරම් දුර ට ලිබරල් රාජ්‍යයක් ද යන්න මේ වන විට තියුණු ප්‍රශ්නාර්ථයක් මතු කරන කරුණක් වුව ද වර්තමානයේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පවා ජනතාව සතු මෙම බලය සටහන් කොට පිළි ගෙන තිබේ. එහි 3 වැනි ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි අත් හළ නොහැකි 'ජනතා පරමාධිපත්‍යය' ට පාලන බලතල, මුලික අයිතිවාසිකම් හා ඡන්ද බලය අයත් වේ. 4 වැනි ව්‍යවස්ථාව අනුව ඒවා ක්‍රියාව ට නැංවිම ආණ්ඩුවක වගකිම වේ. ආණ්ඩුව විසින් ක්‍රියාව ට නැංවිය යුත්තේ ජනතාවගේ එකගතාවය බව මෙහි පැහැදිලිව ම සටහන් කර තිබේ. මේ අනුව කවරකු හෝ ආණ්ඩුව විසින් ක්‍රියාව ට නංවනු ලබන රාජ්‍යය සතු ස්වාධිපත්‍ය බලයත්, මේ දක්වා ඇති පරමාධිපත්‍ය බලයත් යන දෙක අතුරෙන් වඩා ප්‍රධාන හා මුලික දේ කුමක්දැයි ප්‍රශ්න කළහොත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ම පිළිතුර වනු ඇත්තේ ජනතාව සතු පරමාධිපත්‍ය බලය බව ය.


ජනතාව; එහෙමත් නැත්නම් ජනමතය යන්න තේරුම් කරගන්නේ කෙසේද? සාමාන්‍යකරණය කරන ලද ජනතාවගේ අදහස් 'ජනමතය' ලෙස සළකන බව පිලි ගත් පොදු නිර්වචනයකින් කියවේ. මෙසේ 'සාමාන්‍යකරණය' යනුවෙන් හදුන්වනු ලබන ක්‍රියාවලියේ දි අංක ගණිත ක්‍රමයක් අනුව ගණන් හදා බලා බහුතරය දක්වන අදහස 'මහජන මතය' ලෙස ගෙන හැර පැම නිවැරදි ක්‍රමයක් ලෙස කිසිසේත් ම සැලකිය නොහැක. මන්ද යත් එවැන්නක් මගින් සුලුතරය ලෙස එක් ජනකොටසක් බැහැර කෙරෙන බැවිනි. එවිට ඒ අය විසින් පිළි නොගන්නා සම්මුතියක් ඒ අය මත ක්‍රියාත්මක කරන්නට වන බැවිනි. එවැන්නක් පිඩනයටත්, නොසන්සුන්භාවයටත් හේතු වේ. අවසානයේ එය ප්‍රචණ්ඩ ගැටුම් දක්වා ම වර්ධනය විය හැක.


ලංකාවෙ අපි, මේ තත්වය අත්දැක්කෙමු; අත්දකිමින් සිටින්නෙමු.


2009 මැයි 18 වන විට මිලිටරිමය වශයෙන් පාගා පොඩි කරන ලද ලාංකිය දමිළ ජනයාගේ අරගලය මෙවැනි බැහැර කිරිමක අසාර්ථකබව පෙන්නුම් කරන ප්‍රබල නිදසුනකි. මෙසේ පොඩි කර දැමිමෙන් පසුත් ඒ විසින් මතු කරන ලද ප්‍රශ්නය අවසන් නැති බව දනිමු. පවතින ලංකා රාජ්‍යය එහි වසන සියළුම ජනකොටස් හි සම්මුතියක ප්‍රකාශනයක් බව ට පත් කර ගැනිම කළ යුතු ව තිබුණි. එසේ නොහැකිනම් මිලගට ඇති ශිලාචාර විසදුම වනුයේ පවතින රාජ්‍යය ට එහි පුරවැසි සාමාජිකයන් ලෙස සමාන ගරුත්වයකින් යුතුව ඇතුළත් කර ගැනිම ට නොහැකි ජනකොටස් සදහා තමන්ගේ සම්මුතින් ක්‍රියාත්මක කළ හැකි වෙනම ම රාජ්‍යයන් පිහිටුවා ගැනිම ට ඇති අයිතිය පිළිගැනිම ය. ස්වයංනිර්ණ අයිතිය යනු මෙයයි. එවැනි ප්‍රජාතන්ත්‍රවාදි සම්මුතියක් ඇති කරගනු වෙනුවට අප ගමන් කර ඇත්තේ ම්ලේච්ඡත්වයේ සහ අශිෂ්ඨත්වයේ ධජය කිසි හිරිකිතයකින් තොර ව ඉහළින් ම ඔසවා ගත් ගමන් මගක ය ; විසදුම් විරහිත- අර්බුද උග්‍ර කරවන ගමන් මගක ය.


පවතින ව්‍යවස්ථාව විසින් මේ ප්‍රශ්න විසදන්න ට අසමත් විම නිසා ඇත්ත වශයෙන් ම අලුත් ව්‍යවස්ථාවක් අප ට අවශ්‍ය ව තිබේ. අවම වශයෙන් අන්තර්කාලින පියවරක් ලෙස ව්‍යවස්ථා සංශෝධනයක්වත් අවශ්‍ය ව තිබේ. එහෙත් යෝජිත 18 වැනි සංශෝධනය ඒ අසලින්වත් යන බවක් නොපෙනේ.


මෙම සංශෝධනය ට පක්ෂ ව අදහස් දක්වන්නන් (හෝ එසේ පෙනි සිටිම ට 'දෛවයෙන්' බල කෙරී ඇත්තන්) කියන පරිදි ඒ මගින් ජනතා පරමාධිපත්‍යය සුරැකෙන්නේ අපුර්ව ක්‍රමයකට ය. දැන ට දෙවරක් බලය ට පත් වු ජනාධිපතිට ම 'ජනතාව' ආයෙමත් කැමතිනම් ජනාධිපති පුටුවේ තවත් අවුරුදු දුසිම් බාගයක ට වාඩි කර විම ට ජනතාව ට ' අවස්ථාවක්' දිමෙනි ! මෙය ජනතා පරමාධිපත්‍යය පිළිබද පවතින ව්‍යවස්ථාවේ පවා දක්වා ඇති පුළුල් අර්ථය 'පැස්බර ශෛලියෙන්' යට ගැසිමකි.


'රටේ ස්ථාවරත්වය' ද කදිම ලෙස තොරොම්බල් කර දමන, එහි අර්ථය ට විරුද්ධව ම නිතර දෙවේලේ භාවිතා වන අලංකාර පදයකි ! රටක් ස්ථාවර වන්නේ ඒ රට වසන ජනතාව සහ ඒ ආණ්ඩුව අතර ශක්තිමත් සම්මුතියක් පැවතීම ප්‍රමුඛ සාධකයක් ලෙස සාර්ථක විම මගිනි. සම්මුතිය ශක්තිමත් වන්නේ සියළු ම ජනකොටස් සදහා පිළි ගත හැකි පදනම මතිනි. ඉතින් මේ සදහා කළ යුුතු වන්නේ ජනසහභාගි ප්‍රජාතන්ත්‍ර ක්‍රම ඉහළින් ම තහවුරු කිරීම ය. 18 වැනි සංශෝධනය ඒ කරා තබා ඒ අසලින්වත් ගමන් කරන බවක් නොපෙනෙයි. ඒ වෙනුවට ඒ සදහා ද අනුගමනය කර ඇත්තේ විධායක ඒකාධිපතිත්වය තව තවත් ශක්තිමත් කරමින් 'ආණ්ඩුව ශක්තිමත් කිරිමේ' උපායමාර්ගයකි. ්ත්‍රස්තය' පදනම් කොට පාලනය ගෙන යනු ලබන ම්ලේච්ඡ ගෝත්‍රික පාලනයන් වැනි තැන්වල දි 'මර්දනයේ පොල්ල' ශක්තිමත් කර ගැනිම ස්ථාවරත්වය සදහා වන එක ම ක්‍රමය බව ට පත්වෙයි. දැන් දැන් මේ රටේ ද තහවුරු වෙමින් පවත්නේ ද, මර්වින් සිල්වා වැන්නන්ගේ සිට මහින්ද රාජපක්ෂ වැන්නන් දක්වා ආචාර්ය පදවි දරණ 'විද්වතුන්' ගේ චින්තනය වැඩ කරන්නේ එවැනි ප්‍රවණතාවයකින් බව ද මේ වැනි සංශෝධනයකින් රටේ ස්ථාවරත්වය තහවුරු ව්න්නේයයි කියා සිටිමෙන් ම පෙනි යයි.


1978දි වර්තමාන ව්‍යවස්ථාව ගෙන එන විට එහි ආදිකර්තෘන් ද අපේක්ෂා කළේ මේ 'ස්ථාවරත්වය' මය. එහිදි ද උපක්‍රමය වුයේ ආණ්ඩුව ශක්තිමත් කිරිම තුළ ස්ථාවර සමාජයක් හා රටක් බිහි කිරිම ය.එහෙත්, දශක තුනකටත් අධික කාලයකට පසුත් - අද වන විට සිදු වි නැත්තේත් එය ම නොවේද?
ඒ තුල බිහි කරන ලද විධායක ජනාධිපති ක්‍රමය මගින් අපේක්ෂා කරන ලද්දේ බලපෑම් කළ නොහැකි බරපතල ආකාරයේ ස්වායක්ත බලයක් ඇති කිරිමෙන් ඉතා ඉක්මන් තින්දු ගත හැකි හා ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණයක් ඇති කිරිම ය. මුළුමහත් විධායකය නිර්මාණය කරගැනීම සදහා ජනාධිපති ධුරය ට පත් වන පුද්ගලයා ට හැකියාව එමගින් ලබා දුනි. මේ වර සංශෝධන මගින් යළිත් වරක් රාජ්‍ය සේවය මුළුමනින් ම ඇමති මණ්ඩලයේ පාලනය ට නතු කිරිම ට අපේක්ෂා කෙරේ. ඇමති මණ්ඩලය යනුවෙන් ස්වායක්ත බලයක් සැබැ වශයෙන් නොපවතින අතර එයින් ද නැවතත් අදහස් කරනුයේ ජනාධිපතිවරයා ගේ පණිවුඩ හුවමාරුකරන්නන් හෝ ඊටත් පහළ පිරිසක් බැවින් එහි සැබැ අදහස ජනාධිපතිවරයාට ම එම බලය සින්න වන බවම ය! තව අතකින් මුළු ඇමති මණ්ඩලය ම වෙනත් පක්ෂයකින් පත් වුවද තමන් කැමති අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරගැනිම හා විශේෂ කොමිෂන් සභා යොදා ගැනිම මගින් රට පාලනය කිරිමේ සම්පූර්ණ බලය ම සියත ට ගැනිම ට මේ ජනාධිපතිවරයා ට හැක. මේ අනුව මේ තනතුර ව්‍යුහගත කර ඇති ආකාරය අනුව, වියරු ඒකාධිපතිත්වයක් බිහි වීමේ පූර්ණ සම්භාවිතාවයක් පවතී. මෙවැන්නක් පාලනය කිරිම සදහා වෙනත් මෙවැනි ව්‍යුහයක් පවත්නා රටවල යොදා ඇති විධිවිධාන කිසිවක් මෙරට නැත. ඒ වෙනුවට කර ඇත්තේ නාමික විධායකයන් ට සාමාන්‍යයෙන් පිරිනමනු ලබන අධිකරණ මුක්තියේ බලය ද මෙරට පුර්ණ විධායක බලය සහිත ජනාධිපතිවරයා ට පිරිනමා තිබිම ය. ඒ අනුව මේ තනතුරේ වියරු ඒකාධිපත්ත්වයක් මතු වුවහොත් එය පාලනය කිරිමේ හැකියාවක් පවතින්නේ පාර්ලිමේන්තුව ට පමණි. එහෙත් එය ද නාමමාත්‍රික ස්වරූපයක් දරන්නේ යයි කිම එතරම් අතිශයෝක්තියක් නොවේ. මේ වන විට වර්ධනය වි ඇති තත්වය වන්නේ තම ඍජු අනසක යටතේ වන ඇමති මණ්ඩලය තුළ පාර්ලිමේන්තුවේ විවිධ කල්ලි-කණ්ඩායම් මෙහෙයවිම සදහා වරදාන දෙන තැනක් බව ට පත් කර ගැනිමත්, ඒ මගින් පාර්ලිමේන්තුව ද හසුරුවා ගැනිමත් ය. මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් මුල්‍ය පාලනය ද ජනාධිපතිවරයාගේ ග්‍රහණය ට ගැනිම ට සමත් වි ඇත. මේ වැනි 'සංවර්ධනය' කර ගන්නා ලද තත්වයන් ට අතිරේක ව නිල වශයෙන් ම පාර්ලිමේන්තුව හැසිරවිය හැකි අතිවිශාල බලයක් ජනාධිපතිවරයා සතු වේ. මේ තත්වයේ බියකරුබව විසින් ම 17 වැනි සංශෝධනය සදහා බල කෙරුනි. ඒ මගින් කිසියම් ආකාරයක පුළුල් නියෝජනයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් මගින් උසස් නිලතල හා ස්වාධින කොමිෂන් සභා පිහිටු විම ට කටයුතු යෙදිමෙන් ජනාධිපතිවරයාගේ අත්තනෝමතිකත්වය ට ඇති ඉඩකඩ පාලනය කිරිම ට උත්සාහ ගැනුනි. එහෙත් පසු ගිය කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම කොටස අකර්මන්‍ය විම ට ඉඩ හැරිමෙන් දුර්වල කරන ලද ව්‍යුහ පද්ධතිය මුළුමනින් ම අවසන් ගමන් යැවිමක් යෝජිත 18 වැනි සංශෝධනය මගින් සිදු කර තිබේ. ඒ තුළ පත් කිරිම ට නියමිත සභාව සංයුතියෙන් ද අතිශය දුර්වල, ඕනැනම් ප්‍රතික්ෂේප විමට ද ඉඩ ඇති අදහසක් ජනාධිපතිවරයා විසින් විමසිමෙන් පසුව පමණක් ප්‍රකාශය කිරිම ට ඉඩ ඇති සභාවකි. එය 17 වැනි සංශෝධනය මුළුමනින් ම ආපස්ස ට හැරවිමකි.


අනෙක් අතින් ජනාධිපතිවරයා තුන් මසකට වරක් පාර්ලිමේන්තුව හමුවේ පෙනි සිටිම ව්‍යවස්ථාපිත කිරීමේ අරුත කුමක්ද? පාර්ලිමේනුතුව ට වග නොකියන මේ ආකාරයේ ධූරන්ධරයකු ත්‍රෛමාසික ව නොව දිනපතා ම පාර්ලිමේන්තුව හමුවේ පෙනි සිටිය ද ඉන් ඇති ඵලක් නැත. මෙය ' ව්‍යවස්ථා ආභරණයක්' ලෙස හෝ සුදුසු වන්නක් නොවේ.


මේ තත්වයන් මත මේ ගෙන එන්න ට යන ව්‍යවස්ථා සංශෝධනය සාපේක්ෂ ඉදිරි වර්ධනයක් සලකුණු කළ 17 වැනි සංශෝධනයෙන් ද ආපස්ස ට අප ගෙන යන බැවින් පසු පස ට තැබු පියවරකි; විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතිකත්වයේ වර්ධනය වැඩවසම් අවධියේ රජෙකුගේ අත්තනෝමතිකත්වයක ට ආසන්න තැනක ට ගෙන යාමක් නිසා යටත්විජිත අවධිය තුළ ලද යම් වර්ධනයන් ද අහිමි කරන්නකි. එබැවින් තවත් පියවර දෙකක් ආපස්ස ට ගමන් කිරිමකි. එනයින් මෙය අතිශයින් ම පසුගාමි උත්සාහයක් ලෙස හෙලා දකින්න ට අප ට සිදු වේ.


එහෙත්, හෙලා දැකිමෙන් පමණක් කිසිවක් වෙනස් නොවනු ඇති බව අපි දනිමු. මේ අවස්ථාව වන විට මෙය ට කුමන හේතු මත හෝ විරෝධය පළ කිරිම ට ඉදිරිපත් ව ඇති බලවේග අපේක්ෂා තබා ඇත්තේ කෙසේ හෝ ජනමත විමසුමක් ලබා ගැනිම සදහා ය. අද ට වඩා දේශපාලන සක්‍රියබවක් පැවති 80 දශකයේ දි ලංකාවේ පැවති ජනමත විමසුමේ දි දශකයක ට මැතිවරණ එපා යැයි පාලකයා පුනරුච්ඡාරණය කරන්න ට අපේ ඡන්දදායක ජනතාව සමත් වුහ ! මී ලගට පසු ගිය කාලේ පෝලිම ට පැවති මැතිවරණ සිදු වු ආකාරය ජුගුප්සාජනක සහ ප්‍රසිද්ධ රහසක් ලෙස බොහෝ දෙනා දනිිත. මේ තත්වයන් තුළ මේ විපාක්ෂික බලවේගවල ට හැකි වන්නේ යල් පිනු උසාවි ක්‍රියා මාර්ග, ජනමත විමසුම් වැනි උපක්‍රම ඔසවා ගෙන යාම හරහා ආණ්ඩුව ට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදි මුහුණුවර ශක්තිමත් කර දිම පමණකි.


ලංකාව පිළිබදව මේ මොහොත තක්සේරු කර ගැනිම ට සිදුවන්නේ ධනවාදයේ ලෝක පරිමාන අර්බුදයත්, වැඩවසම් සබදතා නොඉක්ම වු අපේ සමාජයේ නොදුයුණුබවත් යන සාධක දෙක ම එක විට අවධානය ට ගනිමිනි. ලංකාවේ තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් යමක් නොපවතින බව පවතින තත්වය ට එරෙහිවන්නන් විසින් සිය බරපතල අවධානය ට ගැනිම අත්‍යවශ්‍ය වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගත යුත්තකි. එය බරපතල සමාජ ප්‍රතිසංස්කරණයක් ද ඉලක්ක කර ගත යුත්තකි. ඒ සදහා වන වඩාත් නිර්මාණශීලි ජන ව්‍යාපාරයක් හා ක්‍රියාකාරකම් දස දහසක් සදහා සැප්තැම්බර් 9 දිනය තුළ සම්මත කර ගැනිම ට නියමිත 18 වැනි සංශෝධනය තුළ මතු වන නිරුවත් ආඥාදායකත්වය තුළ අප ට බල කෙරේ.


ඔබ ට එය ඇසෙනවාද..........................................?

දර්ශන කාහිංගල(සාමය හා මානව හිමිකම් සදහා වන ක්‍රියාකාරීත්වය වෙනුවෙන් )

Read more...

නිදහසේ අවසානය
















නිලන්ත ඉලංගමුව

මෙම සටහන හුදෙක් රාජපක්ෂවරුන්ගේ නියත ගොදුරු බවට පත්වන අනාගත පරම්පරාව උදෙසා මිස පවතින තක්කඩි දේශපාලනයෙන් මං මුලාවට පත්වී සිටින අයවලුන් උදෙසා හෝ අමු අමුවේ තම ආත්මය පාවාදෙන්නන් උදෙසා නොවේ.
එසේම මෙම සටහනෙන් කිසිඳු වෙනසක් සිදු නොවන මව තරයේ ව්ශ්වාස කරන නමුත්, පවතින ශාපකාරී දේශපාලන බල තණ්හාව ජනිත කොට ඇති මහා බයානක වටපිටාව පිළිබඳව අනාගත පරම්පරාව උදෙසා සටහන් කිරීම හෝ වටින්නේය යන මුලික අදහස පිළිගනිමින් කටයුතු කිරීමට සිදු වී තිබේ. අඩු තරමින් 1977 දී ද්‍රවිඩ එකසත් විමුක්ති පෙරමුණ සහ ඉන්දියාව සේම ප්‍රේමදාස වැනි පක්ෂයේ සිටි ජෙය්ෂ්ටයින් ජේ. ආර්. ජයවර්ධනගේ හිතුවක්කාරී වැඩ පිළිවෙලට යම් පමණක බාධාවක් වූ නමුත් අද වන විට විපක්ෂය වූ කලී ලෝන් හැලුණු බැටලුවෙකුගේ තත්වයට පත්වී තිබේ. එසේම ආණ්ඩු පක්ෂයේ රාජපක්ෂවරුන්ගෙන් පිට අයවුලුන්ට ඇත්තේ එහෙයි කියා රජුගේ සපත්තුව ලෙව කෑමට හෝ ඔහුගේ දෙර හැර තිබෙන විට ආත්මගරුත්වය තියාගෙන ඉන් පිටවීමය. නමුත් එවන් පුරුෂයින් මෙරට නපුංසක දේශපාලනය තුළ සිටින්නේ යැයි සැක සහිතය.

එසේම දෙමළ සහ මුස්ලිම් දේශපාලකයින් වෙනදාට වඩා තම තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය ගැන වඩාත් ගැඹුරින් සිතීමට පටන් ගෙන තිබේ. දෙමළ දේශපාලන පක්ෂ බහුතරයකගේ ගෙල, රාජපක්ෂගේ සාටකයෙන් සිර කොට ඇති අතර, ඔවුහු ඔහුගෙන් වෙන් වුව හොත් එය ඔවුන්ගේ ජීවිතයේ අවසානයද වේ. හොරෙකුට හොරුන් සමග ගනුදෙනු කිරීම පහසුය. අද සිදු වී තිබෙන්නේ හොරුන් විසින් හොරුන් කළමනාකරණය කිරීමය. කැබිනෙට්ටුවේ බහුතරය නමැති පුරාජේරුව තුළ ඇති යථාර්තය වන්නේ එයයි. ජනතාව වූ කලී ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරණ භාණ්ඩ පමණි. මුස්ලිම් කොංග්‍රසයේ නායක හකීම්ට අනුව ව්‍යවස්ථා සංශෝදනය සදහා සහය දෙන නමුත් තවදුරටත් විපක්ෂයේ සිටීමට තීරණය කොට ඇත. ඔහුගෙන් ඇසිය යුත්තේ ඇති වැඩේ කුමක්ද යන්නයි. සැබවින්ම එය විපක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහගේ කාර්ය සමග සමාන වේ. එසේම තවදුරත් මේ කිසිවෙකුගෙන් බලාපොරොත්තු විය යුතු දේශපාලනය එනම් බල තණ්හාව නිසා ඔලුව නරක් වුණු මානසික රෝගීන්ගේ ගොදුරු බවට සමස්ත රට ගොදුරුවීම නැවත්වීමට තරම් පුළුල් බලවේගයක් වේ යැයි සිහිනෙකින්වත් සිතිය නොහැකිය.

උන්ට ඕන දේ සිදු කර ඇත. තව දුරටත් මානව නිදහස සහ අයිතිය ගරු කොට ගත් සමාජ වට පිටාවකට වඩා සිදු වී ඇත්තේ ලැබෙන සියල්ල යුක්තිය ලෙස පිලිගැනිමටය. අදෝ මුඛයද පෙර මුඛයද වසාගෙන රාජපක්ෂගේ යතුරින් බලය නමැති දොර අරින තෙක් සියලු දේශපාලකයින්ට සේම ඔවුන් තෝරා පත් කරගත් ජනතාවට ඔහු කියන කරණ දෑ එහෙයි කියා පිළිගැනීමට සිදු වී තිබේ. තවදුරටත් ලංකාව තුළ ප්‍රජතත්‍රවාදයක් හෝ සමාජවාදයක් නැත. එය සර්ව සම්පුර්ණයෙන්ම රාජපක්ෂකරණය වී ඇතිවා සේම නැවත හැරවිය නොහැකි මට්ටමට රාජපක්ෂගේ බල තණහාව විසින් ශ්‍රීලංකික ප්‍රජාතන්ත්‍රවාදය ගාල් කොට ඇත. මෙය ජේ ආර් විසින් සිදුකළ බරපතළ වරදේ අස්වැන්නයි. දේශපාලන ශිෂ්ටත්වය මෙතරම් අසමජ්ජාති ලෙස කෙළසීමට රාජපක්ෂට හැකි වූයේ රනිල් වික්‍රමසිංහගේ ඔලමොට්ටල දේශපාලනය නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ. එයට යම්තාක් දුරකට බාධාවක් වූයේ ජනරාල් සරත් ෆොන්සේකාය. රාජපක්ෂට, ජනරාල් සමග ඇති වෛරයට සැබෑ හේතුව වන්නේ එයයි. ජනරාල් ෆොන්සේකා නොසිටියේනම් මෙය රාජපක්ෂ සිදු කරන්නේ පසු ගිය මැතිවරණය අහවර වීමත් සමගය. නමුත් ජනරාල් කූඩු කිරීමෙන් එය කෙසේ හෝ තමාට වාසිදායක ලෙස හරවා ගැනීමට රාජපක්ෂ සමත් වූ අතර මෙහි ඇති වේදනාව වඩාත් බරපතල ලෙස අත්විදින්නා විය හැක්කේ ජනරාල් ෆොන්සේකාය. ඔහු දේශපාලන පද්ධතිය තුළ රාජපක්ෂගේ මානසික රෝගය අර්ධ වශයෙන් හෝ අවබෝධ කරගත් අයෙකි.

ව්‍යවස්ථා සංශෝදනය ගැන ආණ්ඩු පක්ෂය ගෙන එන සංදේශ වල ඇත්තේ අමුතු සංගීතයකි . ඔවුන්ට අනුව යෝජිත ව්‍යවස්ථා සංශෝදනය පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන්නේ හදිසි පනතක් ලෙසය. එනම් 2017 දී ජනාධිපතිධූරයට තරග කිරීමට රාජපක්ෂගේ සැලසුම ඉතා හදිසිය. රටේ මෙතරම් ගැටලූ තිබියදී රාජපක්ෂගේ හදිසිය පුදුම සහගත වන්නා සේම ඔහුගේ කෙවට්ටයින්ගේ වැදි බණ ජුගුප්සාජනකය. පසුගිය සතියේදී මෙම ලියුම්කරු සදහන් කළා සේම බුද්ධිය මෙතරම් බාල්දු වී ඇති වෙනත් රටක් ලෝකයේ නැති තරම්ය. මහාචාර්ය ජි. එල්. පිරිස්ට අනුව නව සන්ශෝධනය පලිමෙන්තුවට වගකියන ජනාධිපතිවරයෙකු නිර්මාණය කරනු ඇත. සැබවින්ම මේ ආකාරයෙන් තුට්ටු දෙකේ තත්වයට පත්වුණු නීතිය පිළිබඳව මහාචාර්ය වරයෙකුගෙන් තවදුරටත් අපේක්ෂා කළ හැක්කේ දීන පාවාදීම් මගින් නිවටයෙකු බවට පත්වූවෙකුගේ ප්‍රතිබිම්බය මිස වෙන කිසිඳු පුරුෂත්වයක් හිමි පුරුෂයෙකුගේ කාර්ය භාර්ය නොවේ. එසේම මෙවැනි පට්ටපල් බොරු ලංකාවේ මිනිසුන්ට ඇත්ත මෙන් ප්‍රකාශ කිරීමට හැකිවීම, රටේ සමස්ත ජනතාවගේ බුද්ධිය පිළිබඳව වන ගැටලුවකි. සැබැව නම් යෝජිත ව්‍යවස්ථා සන්ශෝධනය කිසිම ආකාරයකින් ජනාධිපතිවරයා මත වගකීමක් පවරා නැතිවා සේම එය තිබුණත් වඩා බලය එකතුකොට ගෙන ඇත. එසේම ඔහු වගකීමෙන් නිදහස් කොට ඇත. මෙය හදිසි පනතක් ලෙස ගෙන එනු ලබන්නේ තවත් උපරිම වසර දෙකකින් රාජපක්ෂ රගන නාඩගමේ හෙළුව දිස්වෙනු ඇති හෙයිනි. ඉන් තවදුරටත් තමා සමග ජනතාව නොසිටින බව රාජපක්ෂ දන්නේය. එම නිසා රට රවටා ගෙන සිටින අවස්ථාවේදී ඔහු හදිසි යැයි සලකා අදාල සංශෝදනය සිදු කිරීමට බලාපොරොත්තු වන්නේය.

සැබවින්ම මෙම අවස්ථාව, දේශපාලනය ගැන අත්මගරුත්වයක් තිබේනම් දේශපාලකයින්ට ඉන් ඉල්ලා අස්විය යුතු කාලයයි. නීතියේ ගරුත්වය රැක ගැනීම ගැන එක අංශු මාත්‍රයක විශ්වාසයක් ඇත්තෙනම් ඉන් ඉල්ලා අස් වී තමන්ගේ පෞද්ගලික කටයුත්තක් ගැන බලාගැනීමට කාලයයි මේ. වඩාත් සරලව කිවහොත් රාජපක්ෂ ඉදිපත් කොට ඇති අදාල ව්‍යවස්ථා සංශෝදනය සඳහා සහය දක්වන සියල්ලන්ම ඝාතනය කරනු ලබන්නේ රටේ ස්වාදීනත්වයයි. එසේම සමස්ත ජනතාව බල තණ්හාවෙන් රෝගී වී සිටින මානසික ව්‍යධියෙකු ඉදිරියේ වහලුන් බවට පත් වීමය. මින් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ දිනීම කටයුතක් නොවන බව රාජපක්ෂ හොද කාරවම දනියි. එය ඔහුට පෙර මැතිවරණ වලදී අද්දැකීම් ලබා දී ඇත. ඔහුට ගැටලුව තිබුනේ පරමාධිපත්‍ය යම්තමින් හෝ තහවුරු කිරීමට උත්සහ කර තිබු නීතිය මිස ජනතාව නොවේ. රැවටිලි කාරයෙකුට රැවටිලි වලට හසුවන්නෙකු නිතරම හමුවෙන තරමට මිනිස් මනස සරලය. රාජපක්ෂ අනුගමනය කරමින් සිටින්නේ මෙම ක්‍රමෝපායයි. මෙය ඔහුට ප්‍රමෝදය නිපදවනු ඇත, නමුත් එහි අවසානය ඛේදවාචක මිස සුර පුර නොවේ.

කිසිවෙකු හෝ විශ්වාස කරන්නේ නම් ලී ක්වාන් යු හෝ වෙනත් ලංකාවට පරමාදර්ශයක් වූ අයවලුන් අනුගමනය කළේ මෙවැනි උපක්‍රමයයි, එය ඔවුන්ගේ දැනුම පිළිබඳව වන ගැටලුවකි. ඕනෑම රටක් පිළිගත් මුලිකාංග (ප්‍රින්සිපලිටිස්) වලින් පිටපැන ඒ වෙනුවට තමන්ගේ අභිමතාර්ථයන් මත රටක් ගොඩ නැගීමට හැකියි යැයි සිතන්නේ නම් එය මුලාවක් හෝ අමනකම මිස වෙනත් දෙයක් නැත. කොටි අතුගා දැමීම පමණක් ලංකාවේ ගැටලුව නොවන වඩාත් හොඳින් තේරුම් ගැනීමට ඉදිරියේදී අපට හැකි වනු ඇත. එසේම බල තණ්හාව ඇති මානසික රෝගියෙකුට රාජ්‍ය බලය සමග සෙල්ලම් කළ හැකි ආකාරය සහ එවැනිම රෝගියෙක් නිතීවිරෝධිව දෙමළ ජනතාව පාවාදෙමින් වසර තිහක් තිස්සේ ගෙනගිය සෙල්ලම අතර ඇති වෙනස වඩාත් හොදින් ඉදිරියේදී අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත.

Read more...

Thursday, August 26, 2010

Is International Law a reality?


The International Law is considered as a collection of rules and orders which creates strong and regular relations between states. It has spent long time for the development of International Law which is divided as the Public International Law and the Private International Law.

The Public International Law is mainly focused on maintaining the relations between states and the Private International Law is used to rule the regular relations between two persons in two different states. There is an additional law which is called the Transnational International Law (Schachter O 1991, 01).

Presently, the Public International Law can be defined as the law which controls the links, between two states or between a state and an International Organization or between International Organizations themselves as well as the relations between a state and an individual. It is important to point out “Reparations Case” (Reparation for injuries suffered in the service of the United Nations Case) to explain how the Public International Law acts towards the International Organizations.

According to the history of International Law, it is important to highlight the establishments of the United Nations Organization, the League of Nations, the final act of Vienna Congress, and the creation of the Westphalia Organization. These are the milestones of the development of the International Law. The creation of The Westphalia Organization is an agreement made after the war in 1818. This organization gave its accordance to follow the agreement and to act according to the International Law. Further more, they decided to have conferences between states. After the Napoleon war in 1815, the final act of Vienna Congress was established to develop the Economic and Political Corporations in Europe. It stood against the Slavery and gave the freedom to travel through international water ways. It introduced a wide legal system regard to the Diplomatic Protocol. After the world war in 1920, all the friendly and rival countries got together and created the League of Nations. The main feature of this League was the International Permanent Court of Justice in which they established the arbitration, for the first time. Then the United Nations Organization was created and it introduced the International Court of Justice. The main objective of the International Court of Justice was to compose the International Law that has strength to provide a judicial body to solve problems. In consequence, if a problem arises one can easily make decisions to solve the problem, without a compulsory binding power. Presently, every state has the right to go to the Court of Justice (Brownlie I 2006, 02).

“Is International Law a reality?” This question is been discussed over and over again. This question occurs with the lack of a judicial body which could firmly enact the law and the order, or a police or a constitution which is highly acceptable. With all these reasons, some scholars state that the International law is considerably a virtuous law, even though it is not a real one. According to them, there is no firmness in the International Law and there is no mechanism to empower it properly (www.infoplease.com).

There are mainly two law schools which presented new theories on International Law. They are called the Positivism Law School and the Natural Law School. The Positivism Law School analyses the law as an order given by strong political powers, to the weak political characters. It is easy to identify these political characters. Disobeying their orders could result severe punishments. According to this Law School, the states can be taken separately and there is no other law against them. It reveals that the law is a collection of customs more than being a law. According to the Natural Law School, the law is not an enacted one; it is a law, trusted by people as it is fair and reasonable. It further says that the International Law of Human Rights is a powerful law to all the states in the world. Except these two Law Schools, the Social Scientific Law School is highly acceptable at the present time. It says that there is a law in every community. Such a community needs a law for its internal activities.

The customs were the main source of the Classical International Law. Now its scope has expanded into a wide area.It can be identified in two parts such as Traditional Sources and the Article 38 of the Statute of International Court of Justice (ICJ). In Article 38, the sources of the International Law are lined up as the International conventions, International customs, and the general principles of International Law, which are recognized by the civilized nations, judicial decisions and teachings of the most highly qualified writers. The Classical International Law was commenced to govern and strengthen the relations between states. But presently, it has been spread to the International Organizations and the individuals. Professor Strake also states “Indeed although traditionally it was the state which was the subject of the International Law, nowadays the International Organizations and, to a certain extent, the individuals can hardly be ignored.”(Schachter O 1991, 01)

The proliferation of the International Organizations dates back to the post-war period where there was the creation of the International Organizations dealing with various aspects of all the qualities and behavior of the people’s life. Once these organizations are given their personalities its common for them to enter into relations with states themselves. They became important that the International Law became concerned with their behavior and the Law of International Institutions became a specialized branch of law. In Reparations Case of 1949, placed in the International Court of Justice stated that the United Nations Organization has the right to make agreements with other states as it owes a legal individuality towards the International Law. It further mentioned that such agreements are linked with the International Law. In that case, Reparations case can be identified as an important judgment. In this judgment, it declares the power of International Law, which has the ability to make treaties with states and the other International Organizations and it is governed under the International Law. In the present international arena, the International Organizations play a major role in all the activities of a state. Lisbon Treaty was recently held and it presented one of its main impressions to consider the European Union as a legal individual. In such situation, it is easy to figure out how the wide scope of the International Law affects the International Organizations.

As regards the position of the individual in the International Law, one will note that in Classical International Law, the individual enjoyed no locus standi (no legal system). There is a contrast drawn between the state and the human beings who compose it. Such a state itself is highly concerned with regulating the individuality of the man and, before an individual could bring about a claim against a state, it is imperative that he or she convince his or her state to forward the case. This is no longer so today as the International Law is increasingly becoming concerned with the predicaments of the individual. A whole branch of Human Rights Law has developed and it gives the individual, a place within the international framework. Today, the jurists and the international bodies themselves cannot ignore this fact. It states that the International Law affects the individuals as well. According to the European Summit for Human Rights, an individual can go for the court when his or her human rights are violated. It is another limited opportunity given to an individual under the legal individuality which is written in the 28th Constitution of the Optional Protocol of the United Nations Covenant on Civil and Political Rights. The individuals even gain the right to present a petition to the UNO’s Human Rights Commission, when their human rights are violated. In Sri Lanka, Dr. Jayalath Jayewardene and Mr. Victor Ivan have also written petitions, considering the violation of the human rights and the most sufficient evidence for such incidents is the “Singarasa Case”. Singarasa, being an L.T.T.E. terrorist, was given severe punishments by the High Court for his bad commitments. With the inutility of the appeals that he presented to the Court of Appeal and the Supreme Court, his final option was the International Court of Justice.

It is possible to take a legal action against an individual even in the International Criminal Court. In the judgment of Nuremburg, all the military soldiers are taken under the control of the Public International Law to avoid war criminals. The International Law is similarly concerned with the treatment of individuals within the state boundaries. There is thus a comprehensive regime dealing with the rights of refugees, international crimes, nationality problems and human rights generally. It has developed the principles even to govern the conduct of hostilities and the treatment of prisoners .As human beings, the people all over the world are given the freedom to live a peaceful life.

The Humanitarian Intervention is a great example to show how the International law deals with the rights of individuals. Every state has its sovereignty to which no other state or organization can mediate. A Humanitarian Intervention takes place if a state is to protect their citizens who have been ill-treated in another state. On the other hand, a state can mediate to save people of any nationality, for the sake of saving human beings.

In 1976, a great Humanitarian Intervention happened in Uganda. Palestinian revolts high jacked and landed a French air craft to the Entebbe air port in Uganda. It was planned to assassinate hundreds of Israel Jews. Then Israel sent their military troops to save their people. For another example, in the times of Idi Amin, genocide was to take place in Uganda. Even though it is an internal problem of Uganda, Tanzania acted against it to save the people. It is called Humanitarian intervention. Another Humanitarian Intervention was taken place during the war time in Sri Lanka. India put food parcels to the Northern territory as the people were suffering from a great starvation. When they were questioned for what they had done, they said that it was just to save human beings who were to die without food. In these incidents, we can see clearly how the International Law is mostly concerned about the individuals as well as the states. It treats the states and the individuals in the same manner. The International Law has been reasonable to use the humanitarian intervention for it is always thinking about every single person (en.wikipedia.org).

The greatest expansion of the International Law took place in the 19th century due to the various courses such as the rise of powerful new states, the growth of European civilization overseas, the modernization of world’s transport and new inventions of civilians or military implementation. By the time, the International Law has been developed and it has changed with the accordance of the needs of the people. In consequence, the International Law has spread its scope into various fields such as Science and Technology, Telecommunication, Outer space, and all the other developments. Mainly the nuclear age and the space age have led to new developments of the International Law. The International Law is today called upon to find new policies in the field of energy resources and production, in general scientific researches in international trade. It is subject to protect the environment to control the Earth’s population, to observe the international protection of data and intellectual property. In last thirty years, there is an Industrial Technology, developing to an extent that the states relation has also been affected. In fact, the technological growth which is of an international character falls within the realm of the International Law. With the creation of the Multinational companies, operating in various states, there came into being a new source of revenue.

It appears therefore, that these multinational companies are themselves controlling the technology and it happens for these companies to be controlled by the International Law. The International Law develops to meet the new sophistication of human activities. The human activities in outer space increase and the technology develop along with the International Law to solve the problems which arise. The basis of the space law was developed in the 1960’s under the United National auspices. The treaties have been signed mandating the internationalization of the outer space and the other celestial bodies. The 1963 test treaty prohibited nuclear tests in the atmosphere, in the outer space and underwater. Another important fact in the development of the International law is telecommunications of a global nature. We can witness any of the events take place in anywhere with the technological developments of the field of satellite communication (www.juscogens.net).

These facts show us the way of the International law developed. It began its career to govern the states .It controlled the relations between states and correctly guided them to be firm and regular. With the time the people changed their life styles they created new technology. As the world changes the International law itself began to spread its scope to rule individuals and the International Organizations as well. Likewise, Modern International Law has extended its scope drastically and spread beyond state entities.


By M .H. K. S. De S. Jayasekara

Read more...

  © Blogger templates Newspaper III by Ourblogtemplates.com 2008

Back to TOP