Wednesday, May 12, 2010

(අසික්කිත) මාධ්‍ය භාවිතය සහ ලෝක ජනමාධ්‍ය දිනය











පසු ගිය මැයි මස 3වන දින ලෝක ජනමාධ්ය දිනය යෙදී තිබින.ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම, රැකියාවේදී මියගිය ජනමාධ්ය වේදීන් සැමරීම එහිදී ලෝක මට්ටමින් ප්රකාශවිය. ජාත්යන්තර මට්ටමින් බොහෝ රටවල් එය ඉතා උත්කර්ෂවත් සැමරීම සිදුකලහ. ඒ ලොවපුරා බොහෝමයක් රටවල මාධ්යකරුවන්ට මෙන්ම සිවිල් ක්රියාදරයින්ටද එය ගෞරවනීය අවස්ථාවක් වූ නිසාය. එහෙත් ලංකාවේ තත්වය ඉතා කණගාටු දායකය. සැබෑවටම එවැන්නක් සැමරීම තබා ඒපිළිබඳ කල්පනා කිරීමට තරම් අවකාශයක් මෙහි තිබුනිදැයි ගැටලු සහගතය. ජාතික මට්ටමින් එවැනි සැබෑ ජනමාධ්ය දිනයක් සැමරීමක ‍ යෙදුනේ නම් එය ලොව අන්කිසි රටකටත් වඩා ඉහලින් සැමරිය යුතුව තිබුනේ ලංකාවටය. වාර්තා හා සංඛ්‍යාලේඛන අනුව තත්වය මෙසේය. ඒ ලංකාව තුල පසුගිය පස් වසර තුල මාධ්යවේදීන් 28 දෙනෙකු මරා දමා ඇති නිසාය. ඒ 110 ක් දෙනා පොලිස්,හමුදා සහ විවිධ දෙශපාලනඥයන්ගේ අඩන්තේට්ටම් වලට හා පහර කෑම්වලට ලක්ව ඇති නිසාය. මාධ්යකරුවන් 12 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්කර දමා ඇති නිසාය. ඒ මරණ බිය නිසා තවත් 15 දෙනෙකු රට හැරදමා ගොස් ඇති නිසාය.ඒ මාධ්‍ය ආයතන කිහිපයකටම විවිධාකාර ප්‍රහාර එල්ලවී ඇති නිසා‍ය.

අවාසනාවට මෙම කණගාටුදායක තත්වය තුල සියළු ප්රගතිසීලී බලවේගවල ක්රියාකරකම් අකර්මන්ය වී ඇත. රාජ්‍ය මාධ්‍යයන් එළිපිට කරන ක්‍රියා ඉතා අප්‍රසන්නය. නම්බු තානාන්තර නිසා බහුතරය නිරන්තර චෝදනාවට ලක්වෙමින් පවතින රාජ්යය කෙරෙහි පක්ෂපාතී වෙමින් ඇත.වන්දිභට්ටකයින් වීම යුගයේ විලාසිතාව . බන්දුල පත්මකුමාරගෙන් ඇරඹ් ගොරක දඩමස් කිරීමේ කලාව හඩ්සන් සමරසිංහ හරහා මුළුමහත් මාධ්‍ය ක්ෂේත්‍ර‍යටම පූර්වාදර්ශ සපයමින් ඇත.

තත්වයේ බරපතල කම සිහියට නැගීම පවා පිලිකුල් සහගතය.මේ අලුත් ක්‍රම න්‍යාය බහුතරයක් මාධ්‍ය ආයතන හා ඒවායේ ප්‍රධානීන්ට අයුක්තියට අනුබලදීමට හුරු පුරුදු කර ඇත. මේ කනගාටුදායක ‍යථාව වික්ටර් අයිවන් වැනි දැඩි මතධාරී සිවිල් බුද්ධිමතුන්ගේ පවා කශේරු මුලුමනින්ම ගලවා දමා ඇත.තිඹිරියාගම බන්ඩාර වැනි විචාරාත්මක මාධ්‍යකරුවන් තානාන්තර බදාගත් සාමාන්‍ය රජයේ ලිපිකරුවකුගේ භූමිකාවකට තල්ලුවන තැනට කටයුතු සිදුව ඇත. මෙහිදී කුමාර් රූපසිංහ,පී.සරවනමුත්තු වැන්නන් පිළිබදවද අමුතුවෙන් කිවයුතු යමක් නැත. මේසා විශාල ඛේදයක් හමුවේ වගකීම් සහගත බහුතරයක් හෘදසාක්ෂි මරාගනිමින් ඇත. එහෙත් නිහඩත්වය රකිමින් (අසික්කිත මාධ්යකරණයක යෙදිමින්) සිටීමේ නව ක්‍රමය ‍යහසමාජයක් පිළිබද කල්පනාවේදී වඩා භයානකය.ඒ දයාන් ජයතිලක ඇතුළු දේශීය (නූ)උගතුන්ට නොතේරෙන කාරනාවය.

මගේ හැගීමේ තරමට එය තරුණ සම්පත් ලක්මාල් මරාදමා මහ මග දමායනවිට රකිනලද අසික්කිත නිහඩත්වයමය ,එයමව්බිම” වසා දමනවිටරකිනලද අසික්කිත නිහඩත්වයමය, තරුණ පරමෙස්වරී මුනසාමි හා තිස්සනායගම් අකාලයේ සිර ගත කර දමනවිරකිනලද අසික්කිත නිහඩත්වයමය.එය අසත් යුදබිමෙන් මාධ්‍යකරුවන් එලවා දමන විට රකිනලද අසික්කිත නිහඩත්වයමය, මෙය ගිනිගහන දහවලක ලසන්ත වික්‍රමසිංහමරා දමන විරකිනලද අසික්කිත නිහඩත්වයමය,එය සීතල හැන්දෑවක පෝද්දලගේ අත්පා කුදුපට්ටම් කරනවිට රකිනලද අසික්කිත නිහඩත්වයමය.එය එළිපිටම සිරසවෙත සංවිධානාත්මක ප්‍රහාර එල්ල කරනවිට රකිනලද අසික්කිත නිහඩත්වයමය,එය සිවරාම්,තරුන සුදාකරන්බාස්කරන් ඇතුළු යුක්තිය සිගාකෑ දමිල මාධ්‍ය සගයන් දඩයම්වෙමින් පවතිද්දී රකිනලද අසික්කිත නිහඩත්වයමය,එය අසරන ද්රවිද සිංහල මුස්ලිම්මිනිසුන් සුදු වැඇන්වලින් පැහැරගෙන යනවිට රකිනලද අසික්කිත නිහඩත්වයමය. ඒ දහස් ගනන් සිවිල් වැසියන් කදවුරුවලට බලෙන් ගාල් කරන විට රකිනලද අසික්කිත නිහඩත්වයමය.සමස්තය උමතෝකෝටික ස්ථාවරයකට ලගුකර තැබිය නොහැක. ලෝක ජනමාධ්ය දිනය සැමරීම ජනාධිපති ආරක්ෂක අංශය සිදුකල බවට පුවත් ජනමාධ්‍ය වල එලවිය.ඒ ඊට දින 5ක් ගතවන්නටත් මත්තෙන් මහරගම පිලිකා රෝහලේදීය. ඉතිහාසයට එක්වුනු මෙවර ලෝක ජනමාධ්ය දිනය සැමරීම තබා ඒ අලලා ලෝක මට්ටමින් සිදුකළ ප්‍රකාශිතයනට සංවේදීව කයුතුකරීම කාඉදිරියෙත් ඇති අබියෝගයය.ඒ තොරතුරු දැනගැනීමේ දැවෙන අයිතිය හරහා සැබෑ සුබ අනාගතයක් උදාකරලීමට හැකිවන නිසාය.



නුවන් ජයතිල



SocialTwist Tell-a-Friend



0 ඔබේ අදහස්:

  © Blogger templates Newspaper III by Ourblogtemplates.com 2008

Back to TOP